Friday 19 March 2010

ඇමති මණ්ඩලය තෝරා තෑගි දිනා ගන්න!

මෙන්න සිංහල බ්ලොග් කියවන අයට සහභාගි විය හැකි තරඟයක්. නෑ තරඟ දෙකක් තියෙනවා.

ලබන මාසේ පැවැත්වෙන මහමැතිවරණයෙන් පසුව පත් කරන කැබිනට් මණ්ඩලය 35 ට සීමා කරනවා කියල තියෙනවා. විමල් වීරවංශ මැතිතුමාත් කියන නිසා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ දවස්වල ජනාධිපති ලේකම් තුමා තවත් දෙන්නෙක් එක්ක ඇමති තනතුරු 35ට ගොනු කරනවා කියලයි ආරංචි. ඒවා හරියටම මොනවද කියල කියන් බැරි වුනත් සාමාන්‍යයෙන් තිබිය හැකි මේවයි කියල හිතා ගන්න පුළුවන්නෙ. ඉතින් ඔබට කරන්න තියෙන්නේ ඇමති තනතුරයි ඒ ඇමති තනතුරට පත්වීමට ඉඩ තියෙන ඇමති තුමා කවුද කියලයි නම් කරන එක. කැමති ඇමති තනතුරු ගනනකට නම් යෝජනා කරන්න පුළුවන් ( ආ... උපරිම 35යි. නැත්නම් ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ලෙස තේරුම් ගනීවි). වැඩිම ඇමති තනතුරු ගනනක් නිවැරදිව සඳහන් කරන්නා ජයග්‍රාහකයා වෙනවා. කීප වරක් යෝජනා ඉදිරිපත් කරන්නත් පුළුවන්. යෝජනා වෙනස් කරන්නත් පුළුවන්. අවසන් යෝජනාව පමණක් පිළිගන්නා නිසා කලින් කළ ‍යෝජනාවන් සමගම අළුත් නම් එකතු කරන්න. සමාන පිළිතුරු තිබුනොත් මොකද කරන්නේ. හරි මෙහෙම කරමු. ඇමතිවරුන්ට අමතරව නියෝජ්‍ය ඇමතිවරුන්වත් නම් කරන්න. සමාන ඇමතිවරු ප්‍රමාණයක් නිවැරදිව නම් කරල තිබෙන අයගෙන් වැඩිම නියෝජ්‍ය ඇමතිවරු සංඛ්‍යාවක් නිවැරදිව නම් කරල තියෙන කෙනාව තෝර ගනිමු. ඒකත් සමාන උනොත් මොකද කරන්නෙ. කලානයකවත් නම් කරන්න. සමාන පිළිතුරු දීල තියෙන අයගෙන් නිවැරදිව කතානායකතුමා නම් කළ කෙනා දිනුම්. ඒකත් සමාන උනොත් සියළු දෙනාටම තෑගි දෙන්නම්!.

පළමු තරඟය ඒක. දෙවෙනි තරඟය, මාගේ අනන්‍යතාවය හෙළි නොවී තරඟයේ ජයග්‍රාහකයාට දිය යුතු සුදුසුම තෑග්ග නම් කිරීම හා එය ලබා දෙන්න සුදුසුම ආකාරය නම් කිරීම. (මම අවංකවම තෑග්ගක් දෙන්න සූදානම්; එත් මට තවම හිතා ගන්න බැරි උනා කොහොමද තෑග්ගක් දෙන්නෙ මාව හෙළි නොවී කියල.) මෙම තරඟය සඳහා තෑග්ග තීරණය කරන්නේ පළමු තරඟයේ තෑග්ගේ මිල අනුව. මට දරා ගන්න පුළුවන් වෙන්නත් එපෑ.

හරි. වැඩේ ස්ථිරයි. අප්‍රියෙල් 8 රාත්‍රී 12ට තරඟය අවසන් වෙනවා. (ඊට පසුව ඇමති මණ්ඩලය පත් කරන තුරු කැමතිනම් නම් කිරීම් කරන්න පුළුවන්. ඒත් තරඟයට ඇතුළත් කර ගන්නේ නෑ.) අවසන් තීරණය මෙම්බර්.කොම් සතුයි. ඔබලාගේ ප්‍රතිචාර කමෙන්ට් ලෙස දක්වන්න. වරින් වර ඒවා පෝස්ට් ලෙස ප්‍රකාශයට පත් කරන්නම්. අවසානයේ සියළුම යෝජනා එක් පෝස්ට් එකක දාන්නම්.










6 comments:

  1. මැම්බරෙ මම නම් තවම පොඩි එකා... ඔයාට නම් ඉතින් ඔකෙන් තොර ලොකයක් නැහැනෙ... හැබැයි මෙදා පාර නම් කියන්න අමාරුයි.. ගියපාර ජනාධිපති බයටනෙ ඇමති කම් දුන්නෙ මෙදා පාර සුදුස්සට හම්බෙයි.. හැබැයි සුදුස්සො අඩුවෙයි... කවුරු ඇමති උනත් මැම්බරෙ අපි තාමත් බස්වල කටු කනවා. තැනකට වෙලාවට යන්න බැහැ.. අන්න 11 වැනිදා අමිල සඳරුවන්ව ඔයලගෙ ගමට එහා පැත්තෙන් ගලන ගඟට දාලා...අපිට තැගි එපා.. ඔයාට පුළුවන් නම් ඔයාලගෙ පැත්තෙ ඉන්න දුප්පත් පැල්පත්(සමහරු මෙකට කියන්නෙ මුඩුක්කු කියලා) වල ඉන්න මිනිස්සුන්ගෙ ජිවන මට්ටම වැඩි දියුනු කරන්න මොනවා හරි දෙයක් කරන්න... එගොල්ලන්ගෙ ජිවිත තියන්නෙ බලයක් තියන මිනිස්සුන්ගෙ අත්වල. අසරන මනුස්සයින් ව හොයන් යන්න.. එයාලට ඔයාලව හොයන් එන්න තියන්න එපා.. ලමයව බාර දෙන්න ගියහම උප්පැන්නෙ නැහැ කිව්වලු.. හැබැයි ළමා ආරක්ෂක එකෙ අධ්‍යක්ෂකතුමා උප්පැන්නයක් ඔනැ නැහැ කියනවා... අපිත් රජයෙ තැන්වලට ගිහින් තියනවා ලියකියවිලි හදාගන්න මහත්තයො.. අපි දන්නවා විස්තරෙ.. ඉතින් දැන් පුළුවන්නම් ඔයාවත් පැනලා එ මිනිස්සුන්ට යමක් කමක් කරන්න...මම දන්නවා මැම්බරෙ කියන්න මහ ලොකු බලයක්... පට්ටමක් නෙමෙ කියලා... එත් අඩුම තරමෙ උත්සහයක් වත් කරන්න එ දුප්පත් හදවත් පොහොසත් කරන්න. එගොල්ලන්ට මාලිඟාවල් වගෙ ගෙවල් ඔනැ නැහැ, එගොල්ලන්ට ඔනා එගොල්ලන්ව බලාගන්න කෙනෙක්.... එයාලා වැඩි යමක් ඉල්ලන්නෙ නැහැ.. ගිහිල්ලා බලන්න.. .. ඔයා ඊලඟ පලාත් සභා චන්දෙදි චන්ද හොයන් යන්න එපා.. මම කියන දෙ කරොත් චන්ද ඔයාව හොයන් එවි.....මිනිස්සුන්ගෙ හදවත් වලට කථා කරන්න මහත්තයා..

    ReplyDelete
  2. අපි බ්ලෝග් බලන්නේ ලාකීය සිතුවිලි වලින් http://blog.inetlanka.com/

    ReplyDelete
  3. රවා,
    හිතවත් රවා,
    සමාවෙන්න!
    මට ඔබව හොඳින් තේරෙනවා.

    නැවතත් මම ඔබෙන් සමාව ඉල්ලනවා. ඒ ප්‍රදේශීය සභාවක තනි මෙම්බර් කෙනෙක් හැටියට නෙමේ. මහජනතාවගේ අවශ්‍යතා ඔවුන් වෙනුවෙන් කරල දෙන්නම් කියල මහජනතාවගේ නියෝජිතයන් හැටියට තේරී පත් වෙලා තමන්ට ඕනෙ තැනට ගිහාම, තම පරම්පරාවේ නියෝජිත‍යෝ බවට මාරු වෙලා තම පරම්පරවේ ඕනෑ එපාකම් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කටයුතු කරන දේශපාලකයින් ඉන්නා රටේ, තමන් නියෝජනය කරන්නනේ කාවද, තමන් වැඩ කළ යුත්තේ කාටද කියල තවමත් අමතක නොකරපු, ඒත් දේශපාලකයින්ගේ 'පරම්පරා පෝෂණය' නිසා ඉතා තදින් පීඩාවට පත්වූ ඔබතුමා ඇතුළු මහජනතාව විසින් පොදුවේ එකම නමින් හඳුන්වනු ලබන නිසා දැඩි හිත් වේදනාවට පත් වෙලා ඉන්න අවංක මහජන නි‍යෝජිතයෝ කිහිප දෙනා වෙනුවෙනුයි මම ඔබෙන් සමාව ඉල්ලන්නේ.

    ඇත්ත රවා, මම ඔබලාට 'පොරොන්දු වූ' දේවල් දෙන්න 'තවමත්' බැරි වුණා. මාගේ මේ වැකියේ වචන දෙකක් මම විශේෂයෙන් මතු කර දක්වනවා.

    එකක් 'පොරොන්දු වූ'. මේ පොරොන්දු කියන්නේ සාමාන්‍යයෙන් දේශපාලන වේදිකාවේ හෝ රූපවාහිනී වැඩසටහනකදී හෝ පුවත්පතක සම්මුඛ පරීක්ෂණයකදී කියන ආකාරයේ පොරොන්දු නොවේ. එහෙමත් නැත්නම් තොග ගනන් ප්‍රකාශයට පත් කරන, ඡන්දයෙන් ඡන්දයට වෙනස් වෙන ප්‍රතිපත්ති ප්‍රකාශණවල තියෙන පොරොන්දු ගැනත් නොවේ. මම අදහස් කළේ මම දේශපාලනට එනකොට මම මගේ සිතෙන්, මාගේ ජනතාව වෙනුවෙන් මටම වූ පොරොන්දු ගැනයි. එලෙස මා ඔබට රහසේ ඔබට වූ පොරොන්දුව ඉෂ්ඨකළ පසු කිසි දිනක ඔබට ඔවැනි වේදනාත්මක ප්‍රකාශ කරන්නට සිදු නොවෙනු ඇත.

    දෙවෙනි වචනය 'තවමත්' යන්නයි. මම 'තවමත් බැරි වුණා' කියන්නේ එම පොරොන්දුව ඉෂ්ඨ කිරීමේ මාගේ අභිලාසය මා කෙරෙන් පහව ගොස් නොමැති බැවිනි. යම් දිනක මා හට හැඟීමක් ඇති වුනොත් මට එම පොරොන්දුව ඉෂ්ඨ කිරීට හැකියාවක් නොමැත කියා, මම තවත් මොහොතක්වත් දේශපාලනයේ නොරැ‍ඳෙන්නෙමි.

    රවා, මා මේ කිසිවක් පවසන්නේ ඒවායෙන් කිසිම ප්‍රචාරත්මක වාසියක් ලබා ගැනීමේ අරමුණින් නොවන බව ඔබට පැහැදිල ඇතැයි සිතමි. මා ආරූඩ නමකින් සිටින නිසා මේ කිසිවක් මාගේ දේශපාලන කටයුතු වලට වාසියක් හෝ අවාසියක් නොවේ.

    රවා, තවත් එක් දෙයක්. ඔබ මට කියන්නේ සුභසාධන කටයුතුවල යෙදෙන ලෙසද? දුප්පත් මිනිස්සු හොයාගෙන ගිහින් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටු වීමෙන් මේ ගැටළුව නිමා වේවිද? බඩගින්නේ සිටින මිනිසාට මාළු කෑල්ලක් දිය යුතු බව ඇත්තයි. එහෙත් ඔහුට මාළු අල්ලන්ට කියා නොදුන්නොත් ඔහු හෙටත් බඩ ගින්නේ සිටිනු ඇත. බඩගිනි මිනිස්සුන්ට මාළු කෑල්ල ගානේ දෙන අය වර්ග දෙකක් අපේ පාලකයෝ අතර ඉන්නවා. එක් කට්ටියක් ඔබටත් පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. පත්තර ටීවී කට්ටිය එකතු කරගෙන ගියින් "මේ මිනිහා හොඳටම බඩගින්නේ ඉන්නේ. අනේ පව්. මෙහෙම මිනිස්සු බඩගින්නේ ඉන්නකොට මට කෑම ටික ගිලෙන්න‍නේවත් නෑ. ඒනිසා මම මේ මිනිහාට 'ඔබතුමන්ලාගේ අත්පොලසන් නාදය මධ්‍යයේ' මාළු කෑල්ලක් දෙනවා."කියල මාළු බෙදන අය.

    අනෙත් කට්ටිය ගැන එක පාරටම තේරුම් ගන්න අමාරුයි. බැලු බැල්මට පේන්නේ ඒ ගොල්ල මාළු අල්ලන්න කියල දෙනවා කියල. හැබැයි මාළු අල්ලන්න කියල දුන්නට මාළු නෑ. හරියට මේ වගේ. රට පුරා ප්‍රධාන පාරවල් සේරම කාපට්. අතුරු පාරවල් සේරම කොන්ක්‍රීට්. හරි ෂෝක්. ඒත් ඒවායේ යන්න වාහන තියෙන්නේ ඒ ගොල්ලන්ට විතරයි.

    රවා කමෙන්ට් එකි දිග් වෙනවා. අපි මේ ගැන තව ඉස්සරහට කතා කරමු. ඔබට හිතෙනවා නම් මේ වෙලාවේ අපි ඇමති මණ්ඩලය ගැන කතා නොකර අමිල සඳරුවන්ට මොනව හරි කරන්න ඕනෙ කියල, අපි ඒකත් කරමු. ඔබ කියන්න මම කරන්න ඕනෙ මොකක්ද කියල. මම කරන්නම්. ඒත් මතක තියා ගන්න මාළු අල්ලන්න ඉගෙන ගන්නකම් ඔබ බඩගින්නේ.

    ReplyDelete
  4. උඹල මාලු දෙන්නෙත් නෑ මාලු අල්ලන විදිය කියල දෙන්නෙත් නෑ පම්පොරිය විතරයි හැමදාම

    ReplyDelete
  5. මෙතන කාගෙ නමද තියෙන්නෙ ?

    උදය ප්‍රභාත් ගම්මන්පිල

    ගලබඩආරච්චිගේ ජෝශප් සිල්වෙස්ටර්

    සුමිත් නන්දන විජයමුණි සොයිසා

    තූපෙග් මහේෂ් ප්‍රියාල් ජයතිස්ස අල්මේදා

    ප්‍රින්ස් සාගර සේනාරත්න

    හපුතන්ති ගමෙ‍ගේ කාන්ති කාරියවසම්

    රණවල මුදියන්සේලාගේ සුසිල් ප්‍රේමලාල් පින්තෝ

    ලලන් සුදත් මංජු ශ්‍රී අරංගල

    හපුආරච්චිගේ දොන් රවින්ද්‍ර ශිරාන් ජයසිංහ

    චමින්ද නිරෝෂන් කොක්මදුගේ

    මිරිසගේ ජෝශප් ජයවිලාල් ප්‍රනාන්දු

    ReplyDelete
  6. නමක් තෝර ගෙන නෑ දන්න කියන නමක් නැත්ද අඩු ගානෙ තමන්ගෙ නම වත්

    ReplyDelete