Sunday 28 March 2010

ඇත්තටම අද ජීවිත් වීම අපහසුද?

පසුගිය ෆෝස්ට් එකක කමෙන්ට් එකක මෙහෙම තිබුණා.
"  අන්න 11 වැනිදා අමිල සඳරුවන්ව ඔයලගෙ ගමට එහා පැත්තෙන් ගලන ගඟට දාලා...අපිට තැගි එපා.. ඔයාට පුළුවන් නම් ඔයාලගෙ පැත්තෙ ඉන්න දුප්පත් පැල්පත්(සමහරු මෙකට කියන්නෙ මුඩුක්කු කියලා) වල ඉන්න මිනිස්සුන්ගෙ ජිවන මට්ටම වැඩි දියුනු කරන්න මොනවා හරි දෙයක් කරන්න...  "

ඒක කියවපු මටත් එක පාරටම මේ කියන්නේ ඇත්ත කියල හිතුනා. කොටින්ම මට අමතක වුනා මම දැන් ආණ්ඩුපක්ෂයේ දේශපාලඥයෙක් නේද කියල. ඉතින් මමත් ඉක්මනට මෙහෙම රිප්ලයි එකක් දැම්ම.
"...සමාවෙන්න!
මට ඔබව හොඳින් තේරෙනවා.
නැවතත් මම ඔබෙන් සමාව ඉල්ලනවා. ඒ ප්‍රාදේශීය සභාවක තනි මෙම්බර් කෙනෙක් හැටියට නෙමේ. මහජනතාවගේ අවශ්‍යතා ඔවුන් වෙනුවෙන් කරල දෙන්නම් කියල මහජනතාවගේ නියෝජිතයන් හැටියට තේරී පත් වෙලා තමන්ට ඕනෙ තැනට ගිහාම, තම පරම්පරාවේ නියෝජිත‍යෝ බවට මාරු වෙලා තම පරම්පරවේ ඕනෑ එපාකම් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කටයුතු කරන දේශපාලකයින් ඉන්නා රටේ, තමන් නියෝජනය කරන්නනේ කාවද, තමන් වැඩ කළ යුත්තේ කාටද කියල තවමත් අමතක නොකරපු, ඒත් දේශපාලකයින්ගේ 'පරම්පරා පෝෂණය' නිසා ඉතා තදින් පීඩාවට පත්වූ ඔබතුමා ඇතුළු මහජනතාව විසින් පොදුවේ එකම නමින් හඳුන්වනු ලබන නිසා දැඩි හිත් වේදනාවට පත් වෙලා ඉන්න අවංක මහජන නි‍යෝජිතයෝ කිහිප දෙනා වෙනුවෙනුයි මම ඔබෙන් සමාව ඉල්ලන්නේ. "
ඒත් මේ දවස්වල අපේ වෘත්තිය වෙලා තියෙන්නේ තුනෙන් දෙකක බලයක් සහිත අපේ ආණ්ඩුවක් පත් කර ගැනීමට උපරිම අයුරින් කටයුතු කිරීම නිසා මටත් වැඩිපුර ඇසුරු කරන්න ලැබෙන්නේ ඉහළ මට්ටමේ දේශපාඥයෝ. ඉතින් මටත් ඔය දේවල් දිහා ඒ අය බලන විදිහට බලන්න පුළුවන්කම ලැබිල තියෙනවා. ඒ අනුව බලපුවහම තමා ඇත්ත තේරෙන්නෙ.
ඇත්තටම දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න අපහසුද? ජීවන වියදම ඔය තරම් ඉහලද? සාමාන්‍ය ආදායමක් තියෙන කෙනෙක්ට කාල ඇඳල ලස්සනට ඉන්න බැරිද? කන්න දෙන්න දෙයක් නෑ කියල ළමයි ගඟට වීසි කරන්න තරම් රට අහේනියට ගිහින්ද? මේව මොන අමූලික බොරුද? රජය අපහසුතාවයට පත් කරන්න විපක්ෂය හා කුමන්ත්‍රණකාරී බලවේග ගොතන පදනම් විරහිත චෝදනා බව නොතේරෙන්නේ කාටද? 2004-2005 කාලයේ පැවති මැතිවරණයකදී නළු නිළියන් යොදාගෙන සකස්කොට ප්‍රචාරය කළ කිරිපිටි ඇඩ් එක වගේ කවුරු හරි ගැහැණියකට සෑහෙන මුදලක් දී ළමයා ගඟට විසි කරවා රජයට විරුද්ධව ජනමතයක් ගොඩ නැගීමට ගත් අසාර්ථක උත්සාහයක් බව ඉදිරියේදී අණාවරණය විය හැකිය. එහි දෙවන ජවනිකාව පසුගිය දා හෝමාගම අධිකරණයේදී රඟ දක්වා තිබූ බව දැන ගන්නට ඇත. "ජීවත් කරවීමට අපහසු දරුවන් මරා නොදමා පොලිසියට භාර දෙන්න" යනුවෙන් පත්තරවල නිවේදන හා වාර්ථා පල කිරීම මෙම ද්වේශ සහගත කුමන්ත්‍රණවල තවත් මුහුණුවරකි.
ඔය කියන තරම් රටේ ජීවන තත්ත්වය අපහසුනම් මිනිසුන් එකිනෙකා මරා නොගන්නනේ මන්ද? ආහාර සඳහා මංකොල්ල නොකන්නේ මන්ද? පාරක් පාරක් ගානේ මිනිසුන් හිඟා නොකන්නේ මන්ද? ආහාර සඳහා යමක් සොයා ඒම සඳහා පිටත් කරන්නනේ නැතිව ලොකු පාසකට දරුවා ඇතුළත් කර ගැනීම සඳහා මිනිස්සු උසාවි ගානේ බඩගාන්නේ මොකද? කන්ඩ බොන්ඩ ඔය තරම් අපහසුනම් කෑමට මොනවා හෝ සොයා වෙහෙසෙන්නේ නැතිව ළමයා පහේ ශිෂ්‍යත්ව පන්තියට යවා පැය ගනන් පන්ති ගාව රස්තියාදු වන්නේ කෙසේද? අතේ පයේ හයි හත්තිය තියෙන උන් දෑතේ කර්මාන්තයක් කරල කීයක් හරි හොයාගෙන අසරන දෙමාපියන්ට කන්න ටිකක් හොයල දෙන්නේ නැතුව විශ්ව විද්‍යාලවල රස්තියාදු ගහන්නේ මොකද? ජීවන වියදම ඔය තරම් ඉහලනම් උදේ ඇහැරුණු මොහොතේ සිට නින්දට යන තුරු කෝල් කරන්නයි එස් එම් එස් යවන්නයි සල්ලි කොහෙන්ද? අඩුම ගානේ දවසට දෙපාරක්වත් ඔළුවේ ගාන්න ජෙල් ගන්න සල්ලි කොහෙන්ද? ගෑණු දරුවන්ට විතරක් අරන් දුන්න කරාබු පිරිමි ළමයින්ටත් අරන් දෙන්න අම්මලට සල්ලි කොහෙන්ද? අඩි දහයක් පයින් යන්නෙ නැතිව ත්‍රී වීල්වල යන්න සල්ලි කොහෙන්ද? නිකන් පෙන්නන ටීවී මදි වෙලා ඉන්දියාවේ අයිපීඑල් බලන්න සැටලයිට් ටීවී වලට ගෙවන්න සල්ලි කොහෙන්ද? රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කාරයන්ට මේව හංඟන්න අතපසු වෙලා වගේ.


නාමල් බේබි වගේ තමන් ප්‍රිය කරන ඡන්ද අපේක්ෂකයිනගේ විශාල රුව සහිත ස්ටිකර් මිලදී අරගෙන තමන්ගේ ත්‍රීවීල් එක සම්පූර්ණයෙන් වැහෙන්න අලවන්න ත්‍රීවීල් අයියලාට සල්ලි තියෙනවානම් තමන්ගේ ලමයාට කන්න ටිකක් දෙන්න බැරි මොකද? අනික් අතට ජීවන වියදම ඔච්චර වැඩිනම් කිසිම අමාත්‍යංශයක් හෝ කිසිම රාජ්‍ය ආයතනයක නිලතලයක් නැතිව මන්ත්‍රී වැටුපෙන් පමණක් දරු පවුලක් නඩත්තු කර ඉතිරි කර ගත් මුදලින් මුළු දිස්ත්‍රික්කයම වැහෙන්න පෝස්ටර් කටවුට් ගහන්න විමල්ට පුළුවන් වුනේ කොහොමද? තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ ටියුෂන් පන්ති රට ජාතිය වෙනුවෙන් කැප කළ බන්දුල ඇමතිතුමා දවස ගානේ පත්තර පිටු පිරෙන්න දැන්වීම් දානේ කොහොමද? 

සතියකට දෙතුන් දෙනා ‍බැගින් කෝටිපතියන් බිහිවන රටේ ස්විප් විකුණණ කෙනෙක් තමන්ගේ වාසනාව උරගා බලන්න අඩුම ගානේ එක ස්විප් ටිකට් එකක්වත් ඉතිරි කර ගන්නවානම් ගෑනිට ළමයා ගඟට විසි කරන්න වෙන එකක් නැත.

ඇත්තටම ජීවන වියදම කියන්නේ මොකක්ද කියා දැන ගැනීමට සියළු දෙනා වරින් වර ඇමෙරිකාව ඉතාලිය ජපානය වගේ රටවල් වල සංචාරය කර පැමිණියොත් හොඳය. එතෙක් ඔය රාජ්‍ය විරෝධි කුමන්ත්‍රනවල හවුල් කාරයන් නොවී අද රටේ ඇති දැවෙන ප්‍රශ්ණය වන මනාප ක්‍රමයට තිත තැබීම සඳහා තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බුද්ධිමත් තීරණයක් ගෙන 8 වෙනිදා උදේම අපට ඡන්දය ලබා දෙන ලෙසත්, උගත් බුද්ධිමත්, තැම්පත්, විනය ගරුක, ආචාරශීලී, තරුණ, පරිනත, අත්දැකීම් බහුල, හොඳ පුවල් පසුබිමක් ඇති, කීර්තිමත්, කෘතහස්ත, පළපුරුදු, ඔබේ කොට්ඨාශය නියෝජනය කරන, පක්ෂය පාව නොදුන්, පරිසර හිතකාමී ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වූ, මැතිවරණ කටයුතු සඳහා මත්පැන් භාවිතා නොකළ, මනාප සඳහා එකිනෙකා ඇන කොටා නොගත්, රට ආගම ජාතිය පක්ෂය තමන්ගේ කම වෙනුවෙන් ජීවිත පූජාවෙන් කටයුතු කළ, තම පාසල වෙනුවෙන් කටයුතු කිරීමට ආදිශිෂ්‍ය සංගමයට උදව් උපකාර කළ, ජන දුක හඳුනන, ගැමි සුවඳ හඳුනන, වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිද ගිය, රටට ජත්‍යන්තර කීර්තියක් ගෙන ඒමට කටයුතු කළ, ජනකාන්ත, අපේක්ෂකයින් තුන් දෙනෙකුට ඔබගේ මනාපය ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. එහිදී කණ්ඩායම් නායකයාට එක් මනාපයක් ලබා දී වාර්තාගත වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට දායක වන ලෙසත්, ඔබ දිස්ත්‍රික් ලැයිස්තුවේ සිටින අනෙක් ජනප්‍රියම අපේක්ෂකයින් දෙදෙනාටත් මනාපය බැගින් ලබා දීමටත් අමතක කරන්න එපා.





8 comments:

  1. හිතවත් මැම්බර්තුමනි
    මා ඔබෙගෙ සටහන් කියවන්නෙ බොහො කාලයක් සිටන්ය. මා සමහර දෙශපාලනික බ්ලොගයන් තුලට කොටාදමනා වචන තුලින් මාව නොදකින ලෙස ඔබගෙන් ඉල්ලමි. මා වගකියනුයෙ මගෙ හදවතට පමණි. මියගිය දරුවා හා ඔහුගෙ මව දෙශපාලනයට ඇදා ගනිමින් රට වනසන කිණිතුල්ලන් දුටුවිට මගෙ ඇගකිලිපොලා යයි. මව දරුවා ගඟට විසි කිරිමට ඔබගෙ පක්ෂයෙ නායකයාට වඩා අතිතයෙ සිටි නායකයි අත තිබෙන පව බොහොය. වැඩක් කරන කෙනෙකු දුටු විට මා පක්ෂ පාට බදන් ඉන්නා කෙනෙකු නොවෙ. මෙවර මැතිවරණයෙදි මාගෙ ප්‍රදෙශයෙ මා දකින කාර්යක්ෂම, දක්ෂ , අවංක මිනිසා ඔබගෙ පක්ෂයට අයිති කෙනෙකු බවත් මා ඔහුගෙ ජයග්‍රහනය වෙනුවෙන් කැපවෙන බවත් කිමට කැමතිය. මා ඔබගෙ නායකයා ඔහුගෙ රජය හා ඔහුගෙ මිනිසුන් හසුරවන ආකාරය කැමති නැති වුවත් මා දකිනා අවංක මිනිසා තමුන්ගෙ දක්ෂතාවය බලය නැතිවත් පෙන්වා අවසන්ය..මෙවර අප ප්‍රදෙශයෙ වැඩිම මනාප ප්‍රමානයක් ලබාගන්නෙ ඔහු බව දැනටමත් අපි දන්නා කරුනකි. ඔහු පාරවල් හැදුවෙ නැත. ඔහු ගෙවල් හැදුවෙද නැත. ඔහු සෙල්ලම් පිට්ටනි සැදුවෙද නැත. ඔහු පලාතම වැහෙන්න කටවුට් ගහගෙනද නැත. ඔබගෙ පක්ෂයෙ ඉන්නා කෙනෙකු උනත් නායකයාට නොවැදගෙන සිටින කෙනෙකුය. මා කලින් කියු තැන්හි මිනිස්සුනට ජිවත් විමට නොහැකි පරිසරයක් ගැන ලියා නැත. ඔබ කියනා දෙ මම පිළිගනිමි. මිනිසුන් බොහො නිරර්ථ දැ වෙනුවෙන් බොහො මුදල් හදල් ප්‍රමානයක් වියදම් කරයි, එවා මම දකිමි, නමුත් මම නොකරමි. මගෙ සටහනෙහි අරමුණ වුයෙ ඔබව හො ඔබගෙ දෙශපාලන පක්ෂයට මඩ ප්‍රහාරයක්ද නොවෙ. මුළු සමස්ත ජනයා වෙනුවෙනුත් නොවෙ. ඔබෙගෙ ප්‍රදෙශයෙ ජිවත් වන්නා වු අමිලලා වෙනුවෙන්ය, අමිලලාගෙ අම්මලා වෙනුවෙන්ය, අමිලලැ තාත්තලා වෙනුවෙන්ය. කවුරුන් හො කෙනෙකු ඉදිරිපත් විය යුතුයි. අඩි දහයක් පයින් යන්න බැරි නගරෙයෙ කොන්ඩය ජෙල් කරගෙන ඔබ මොබ පාවෙන සරුංගල් එ වෙනුවෙන් ඉදිරිපත් නොවනු ඇත. මම මුල සිටම ඔබව වචන වලින් දැනගතිමි. ඔබත් සමහර තැන් වලදි හදවත යොදාගන්නා බව දුටුවෙමි. එ පිළිබදව සතුටු වුනෙමි. මිනිසුන් එක් රැස් කිරිමට ඔබට බලයක් ඇත. ඔබ බලයක් ඇති මිනිසුන්ව දන්නෙහිය. ඔබ අනිත් මිනිසුන් කලා සෙ පැල්පත් මිනිසුන්ට කාමර තට්ටු නිවාස ලබා දුන් පස් ඔවුන් එවා විකුනා නැවත පැලකට වැටෙනු බලා නොඉන්නා බව මට විස්වාසය. ඔවුන්ගෙ මනසට කතාකර ඔවුන්ව නගාසිටු විමට කටයුතු කරන බව මට විස්වාසය. ඔවුන්ගෙ ජිවන මට්ටම සාමන්‍ය මිනිසුන් හට ලං කිරිමට උත්සහයක් ගනු ඇතැයි මට විස්වාසය. එයට අවශ්‍ය මිනිසුන් පෙළ ගැස්සවිමද ඔබ සතුය. මිනිසුන්ට ආමන්ත්‍රනය කිරිමෙදි බාවිතා කරන බාසාව ඔවුන්ගෙ මනස වටහා ගැනිමද නිවැරදි ආකාරයෙන් සිදුකරනු ඇතැයි මට විස්වාසය. එමිනිසුන් කොතරම් සමාජයෙන් නෙරපි, තැලි ජිවත් වන්නාවුන්ද යන්න දැන ගැනිමට උන්වට වි ඉන්නා කඩයකට ගොස් තෙ එකක් බොන මෙන් ඉල්ලමි. මිනිසුන්ගෙ හදවත් වලට කතා කර උන්ව වෙනස් කරන මෙන් ඉල්ලමි. එතනින් ඔබ ඇරඹුවොහොත් ඔබටත් දිනයක යමක් ලැබෙනු ඇත. ඔබගෙ අනිත් සගයින්ට නොලැබෙන යමක්..මා දෙශපාලනය නිසා කුහකයෙක් වි නොමැත, දකින දැ වලින් දැනෙන දැත්, දැනෙන දැ වලින් ව්‍යුත්පන්න වන දැත් ප්‍රකාශ කරමි....

    ReplyDelete
  2. wenaratawala polititionlata thamantama kiyala loku civil balayak thiyanawa....a kiwwe thamanta card 1k namak thiyanawa,,,a aya wedak kalin karapu nisa....eth oyalage anda balayanta thamange nayakayo nethiwa banner poster 1k wat gahaganna be....

    ReplyDelete
  3. මොනවද මේ කුමන්ත්‍රන ? අපිට ඉතින් හැමදේම කුමන්ත්‍රන තමා?

    ReplyDelete
  4. සාමාන්‍ය දේශපාලුවන්ගෙ ගොඩට මෙයත් දැම්මැහැකි මහන්සි වෙන්න එපා ලිය ලිය comment කර කර. මාත් හිතාන හිටියෙ මෙයා ජනතාවත් එක්ක ඉන්න ‍කෙනෙක් ,ඇත්ත නමෙන් ලියපුහම කෙල වෙන හින්ද වෙන නමකින් ඇත්ත කතා කරන කෙනෙක් කියල ඒත් බලාපොරොත්තු සුන් වුනා !

    ReplyDelete
  5. හොඳට බලන්න. මේ මෙම්බරයා ලියන්නේ කොලේ වහල.

    "...ඒත් මේ දවස්වල අපේ වෘත්තිය වෙලා තියෙන්නේ තුනෙන් දෙකක බලයක් සහිත අපේ ආණ්ඩුවක් පත් කර ගැනීමට උපරිම අයුරින් කටයුතු කිරීම නිසා මටත් වැඩිපුර ඇසුරු කරන්න ලැබෙන්නේ ඉහළ මට්ටමේ දේශපාඥයෝ. ඉතින් මටත් ඔය දේවල් දිහා ඒ අය බලන විදිහට බලන්න පුළුවන්කම ලැබිල තියෙනවා. ඒ අනුව බලපුවහම තමා ඇත්ත තේරෙන්නෙ....."
    මේකා කවුද කියල එළිවුණ දාට මූට අනිවා ටිකට් එකත් නෑ.

    ReplyDelete
  6. Anonymous ට
    මෙයත් මනුස්සයෙක්, මෙයාටත් ඇති හීන. හැමොම ආසයි දනයට, බලයට ඉතින් එ වෙනුවෙන් මෙයා කරන කියන දෙවල් වැරදි කියන්න අපිට බැහැ. හරි දෙවල් සියයක් කරලා වැරදි දෙවල් 10 කරාට කමක් නැහැ. නමුත් වැරැද්ද දැක දැක නිහඬව, ඇස් වහගෙන ඉන්න එක වැරදියි. මැම්බර් ඉන්න පරිසරය අනුව ඔහු එහෙම හැසිරෙන එකට මම වැරැද්දක් කියන්නෙ නැහැ. මමත් දෙශපාලන ක්‍රියාකාරිකයෙකු වෙලා අවසන්. පුංචි ප්‍රාදෙශිය සභාව ඇතුලෙ තියන ගැටුම් හැල හැප්පීම්, එකිනෙකා පරයා ඇමති ඉස්සරහා ඉස්මතු විමට කරන වැයම, තමුන්ගෙ සහොදරයාව කපා ගෙන පුද්ගලිකව ඉස්මතු විමට සිදුකරන වැයම අපිත් දකිනවා දන්නවා. එවැනි මිනිසුන් අතර මෙහෙම හිතන අය ඉන්න එකත් එ ප්‍රදෙශයෙ මිනිස්සුන්ගෙ වාසනාවක්.. හරි දෙ දකින්න. එයයි ඔබෙ වටිනාකම. පුදගලික වාසි ලබා ගත්තට කමක් නැහැ ජනතාවට යහපතක් කරන්න. ජනතාව අතර ඔහුන්ගෙ මිනිසෙකු වන්න.. එවිට ඔබට පොස්ටර් ගහන්න, කටවුට් අදින්න ඔනා වෙන එකක් නැහැ..

    ReplyDelete
  7. හැංගිලාවත් කියකො ඇත්ත මේකට ඒකත් බෑනෙ

    ReplyDelete