Saturday 14 November 2009

උගත් ශ්‍රමය අපතේ

උපාධිය යනු රැකියවකට සුදුසුකමක් නොවේ. එහෙත් උපාධිධාරීන් යනු රටේ සිටිනා උගත්ම පිරිස වේ. ඕනෑම සමාජයක පැවැත්ම හා සංවර්ධනය සඳහා නිෂ්පාදන කාර්යය හොඳින් සිදුවිය යුතුය. වැඩි බරක්-කැපවීමක් ඒ සඳහා යෙදවිය යුතුය. රටේ ශක්තිමත්ම ශ්‍රම බලකාය ඒ සඳහා යෙදවිය යුතුය. එසේම සුපිරි දැනුම; එනම් උගත්ම ශ්‍රම බලකාය ඒ සඳහා යෙදවිය යුතුය. එහෙත් අද රටේ සිදු වන්නේ එය නොවේ. රටේ සිටිනා උගත්ම පිරිස සොයන්නේ කිසිදු නිෂ්පාදනයක් සිදු නොකෙරෙනා රාජ්‍ය අංශයේ රැකියාවකි. ඒ අයගේ ඡන්දය බලාගෙන අපේ ආණ්ඩුව කරන්නේද සෑම උපාධිධාරියෙකුටම රජයේ රැකියාවක් සාදා දීමයි.

අළුත්ම රැකියාව ‘ග්‍රාම ලේකම්‘ (ජනසභාලේකම්) කමයි. ගමකට තිදෙනෙක් හෝ සිව් දෙනෙක් දැනටමත් රාජ්‍ය නිලධාරීන් සිටිද්දී තවත් රාජ්‍ය නිලධාරියෙක් ගමට අවශ්‍යද? ඔහුට කරන්නට ඉතිරිව ඇත්තේ කුමක්ද? මෙවැනි නිලධාරියෙකුගෙන් නිපදවන දේ කුමක්ද? අවම වශයෙන් සම්පූර්ණවන යටතල පහසුකමවත් කුමක්ද?

නිරපරාදේ තවත් උපාධිධාරීන් 14,000 ක් නිශ්පාදන කාර්යයෙන් ඈත්ව රටට බරක් වීම පමණක් සිදුවනු ඇත. ජනසභා සංකල්පයද උඩුවටිකුරු කරමින් කිරීමට යන මේ අසාර්ථක කාර්යයට මාගේ විරෝධය ප්‍රකාශ කරමි.

9 comments:

  1. ඉතින් ආණ්ඩුවක් තියෙන්නෙ මොකටද මේවට විසදුම් දෙන්න නෙවේද නැත්තම් හැමදාම මැතිවරණ තිය තිය හොරකම් කර කර විගඩම් නටන්නද ?
    මිනිසුන්ට රැකියා නෑ කියනවනම් ඒක නැති කරන්න වැඩ පිලිවෙලක් තියෙන්න ඕන

    ReplyDelete
  2. අනිත් එක කවුද කිව්වෙ ආන්ඩුවෙ පුරප්පාඩු 25000 තියනව කියල (අර අයවැයක් ගේනවද දන්නෙ නැති මුදල් ඇමති)

    ReplyDelete
  3. මටත් හිතෙන්නේ ඕක මහා මීහරක් තීරණයක්..
    ජන්දේ බලාගෙන වැදගැම්මකට නැති රස්සාවල් මවාපාන, තමුන්ගේ පවුල විතරක් සුපිරි විදියට ඉන්න ඕනෙයි කියලා හිතන කට්ටියට හොද රිටර්න් එකක් ලගදීම ලැබෙයි වගේ...

    ReplyDelete
  4. ඔය කලා උපාධිධාරීන් උපාධියට අමතරව තවත් සුදුසුකම් සපුරා ගන්නේ නැද්ද ?
    එහෙම නොකරනවානම්, ආණ්ඩුවට බනිමින් නොසිට තමන්ට අමතර වෘත්තීය සුදුසුකම් ඇතිකර ගැනීමයි කලයුතුවන්නේ.
    තමුන් දැනගන්න ඕන, ඉන්ටවිව් එකකදි තමුන්ව මාකට් කරගන්න හැටි.

    ReplyDelete
  5. ඕක තමයි ඉතින් අණ්ඩුවට කරගන්න පුලුවන් එකම දේ උපාධිධාරීන් උද්ඝෝෂණය කරන්න ගත්තහම නින්දෙන් ඇහැරල වගේ රස්සා දෙනවා, දැන් මේ ප්‍රශ්ණය අවුරුදු කීයක ඉදන්ද තියෙන්නෙ ? ආණ්ඩුවට පැහැදිලි වැඩපිලිවෙලක් නෑ ඒකයි වෙලා තියෙන්නෙ අනික වැඩපිලිවෙලේ තරම පේනවනෙ ජනාධිපතිම කිව්වනෙ ඉස්සෙල්ලා උපාධිධාරීන්ට දීපු රැකියා හරිආකාරයෙන් දුන්නෙ නෑ ඒක තාමත් නිවැරදි කරනව කියල, ජනපති ජනහමුවෙදි ස්වර්ණවාහිනියෙන් "වැඩපිලිවෙල" මොකක්ද කියල අහපුහම ඉතින් ඇඹරෙනවා උත්තර දෙන්නත් කවුරුවත් නෑ ඔහොම අයට තමා අපි කට්ටියම එක්කහු වෙලා බදු ගෙවන්නෙ,ඉතින් තව කොහෙද අලුත් රස්සා ! කට්ටිය ඡන්දෙ ඉල්ලන්න‍නෙම් කොහොමද "අරෙහෙම කොරන්නම්" "මෙහෙම කොරන්නම්" හැබැයි පත් වුනාට පස්සෙ මොකුත් නෑ පවුල් පෝෂණය කරකර ඊලග පරම්පරාවටත් සල්ලි හම්බ කරනව.

    ReplyDelete
  6. උඹ හිතන්නෙ උපාධිධාරීන් හොඳයි කියලද? උන් උගත් උනාට බුද්ධීමත් නෑ. හිතලා වැඩක් කරන්න බෑ. අද රටට අවශ්‍ය බුද්ධිමතුන්. රජයේ රස්සාවලට එන උපාධිධාරීන් වැඩ තරන හැටි අපි දන්නවා. (මම රජයේ සේවකයෙක්. උපාධිධාරියෙක්)

    ReplyDelete
  7. "හිතලා වැඩක් කරන්න බෑ. අද රටට අවශ්‍ය බුද්ධිමතුන්"
    උපාධිධාරියෙක් තමං ගැන කතා කරයි.

    ReplyDelete
  8. ඒක උපාධිධාරීන්ගෙ වැරැද්ද නෙමේ.(මාත් අරම කෙනෙක් තමා)මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු 5ක් ලියා.අද වෙන තුරු අධ්‍යාපනය නවීකරණයක් ගැන හිතලාවත් තියෙනවාද?තව අවුරුදු ගානක් යනකම් මෙහෙමම තමයි.කලින් රනිල් ගෙන් ඔය ප්‍රශනෙ ගැන ඇහුවම නිතරම කිව්වේ රැකියා කියන්නේ රජයේ ඒවා විතරක් නෙමේ කියලා.ඒවා කිව්වාම මුන් කියනවා රජ්‍ය සේවකයා හෑල්ලු කරනවා,පෞද්ගලිකකරණය කරන්න හදනවා කියලා.
    ඇත්ත කතාව පෞද්ගලික ඒවගෙන් තමා රටට සල්ලි ගොඩාක් දැන් එන්නේ.විශේෂයෙන්ම අද IT ක්ෂේත්‍රයේ ගොඩාක් තියෙනවා මෙහෙට ඩොලර්,පවුම් ගේන සමාගම්.ආණ්ඩුවේ සේවකයා කරන්නේ රටේ සල්ලි රටේම කරකන එක.
    ඒක නිසා එක තැකනම එල්ලිලා ඉඳලා හරියන්නේ නෑ.

    ReplyDelete
  9. Graduates la dan nam ratata barak thama. specially arts grads. Un thaama aanduwen denakan balan inne...ekama reason eka un wena thenaka rassawak karanna danneth ne, namuth upaadiya oluwa uda thiyan inna eka.
    @EMS:
    Ube kathawa aththa machan. Hebei aanduwa genaapu samahara dewal akula ganna una oya uni athule inna Jeppo nisa. Eka aanduweth weredda thama..pana thiyena kondak nethikama,

    ReplyDelete