තවත් නිදි නැති රාත්‍රියක් ගෙවිල ගියා. පැවරිච්චි රාජකාරි කප්පරක් කරන්න ඉතිරි වෙලා තියෙනවා, අද දවසෙත්. එත් මෙලෝ දෙයක් කරන්න හිත දෙන්නේ නෑ. දැන් දවස් කීයක් නම් මේ විදිහට ගෙවිල ගියාද? දැන් දවස් ගානක ඉඳන් මේ දුක මම විඳින්නේ. නෙට් එකට ගියෙවත්, මේල් බැළුවෙවත් නෑ දවස් ගානකින්.
ඇත්තම කියන්නම්. මට හිතා ගන්න බෑ ඔය කාටවත් මේකට, මට උදව් කරන්න පුළුවන් වෙයිද කියල.මේකයි කතන්දරේ. ඔක්කොම කියන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. පුළු පුළුවන් ටික කියන්නම්.
එයාට මම ආදරේ කරන්න පටන් ගත්තේ කවද්ද කියල නම් හරියටම කියන්න බෑ. මොකද අපි නෑයො නිසා මතක දා ඉඳන් දන්නවා. දෙන්නාගේ ම නොයෙක් ආකර්ශණීය දේවල් නිසා දෙන්නට දෙන්න කැමති වෙන්න ඇති. ආදරය කරන්න පටන් ගත්ත විදිහ - නැත්තම් මම ඔයාට ආදරෙයි වගේ දෙයක් කියල කෘතිමව පටන් ගත්ත අවස්ථාවක් නෑ. ඒත් ඇත්තටම අපි දෙන්න පනට පන.
එයා ලස්සනයි. ලස්සනට වඩා හරි ආකර්ශණීයයි. හරිම වචනේ ලියන්නෙ නෑ. මේක එයත් බලන නිසා. (එයා දන්නවා- මම කියල තියෙනවා, එයාට) ඒ ආකර්ශණීය බවම තමා මට හිතෙන්නේ මෙහෙම දෙයක් උනේ.
කොහොම හරි දේශපාලනේදි වත් හතුරෝ නැති මට දැන් ලොකුම හතුරෝ දෙන්නයි. ජීවිත තර්ජන නම් නෑ. ඒත් මම හරිම අමාරුවක වැටිල ඉන්නනෙ. අනිත් ලස්සනම වැඩේ මුන් දෙන්නම එයා වගේම මගේ නෑයො.
මම එයාට තැමති උනා වගේම අපේ පරම්පරාවේ තවත් පොරක් මෙයාට පෙරන්න පටන් ගත්තා. නෑකමට ඌ අපි දෙන්නටම පුතා වෙන්නෙ. ඒත් එයාගේ තාත්ත එහෙම ඌට තමා කැමති. එයාටනම් පෙන්නන්න බෑ. ගොඩක් විස්තර කියන්න ගියොත් මේක කියවන්න බැරි සටහනක් වෙයි. කොහොම හරි මට පාලනය කර ගන්න බැරි තත්වයට වැඩේ පත් වුණා. අන්තිමට එයාට ඌව කසාද බඳින්න වෙන තැනට වැඩේ පත්තු උණා.
මේ වෙලාවේ අපි දෙන්නගේ පිහිටට ආවා අපේ තවත් ඥාතියෙක්. නෑකමට අපේ සීයා වෙන්නෙ. ඒත් මට වඩා අවුරුදු 6 යි වයස. හැබැයි ඕනෙ ප්‍රශ්නෙකට විසඳුමක් හොයා ගන්න හරි දක්‍ෂයා. මගේ ඡන්ද වැඩ වලදිත් ගොඩක් උදව් කළා. විශේෂයෙන් ඇනෙන තැනකදී පිහිටට එන්නෙ මෙයා තමා. ඒ වගේ මේ වෙලාවෙදිත් අපේ පිහිටට ආවේ මේ සීයාම තමා.
කොහොම හරි දැන් වැඩේ ගොඩයි. දුෂ්ඨයා සීන් එකෙන් අයින් කර ගත්තා. සීයට පිං සිද්ද වෙන්න. හැබැයි එයාට ගෙදරින් යන්න උණා. අම්ම තාත්ත- විශේෂයෙන් තාත්ත තරහ උණා. ඒවනම් ඉතින් ගානක් නෑ. පොඩි එකෙක් චීස් බීස් ගානකොට ඔය විරසක මග ඇරේවි කියල තමා සීය කිව්වෙ. අන්තිමට දැන් එයා ඉන්නේ සීයාගේ ගෙදර.
දෙවන ජවනිකාව පටන් ගන්නේ එතැන් සිට. කොටින්ම කියනවා නම් දැන් සීය තමා දුෂ්ඨයා. අර දුෂ්ඨයාගෙන් එයාව බේරා ගත් සීයටලු දැන් එයා අයිති. වැඩේ කියන්නේ එයාගේ අම්මත් වැඩේට එක පයින්. අරූ හෙන බේබද්ද. ඒ ඇරෙන්න වෙන වෙන සින් කෝන් ටිකකුත් තියෙනවා. පාතාල වැඩ වගේ. ඉතින් ඒවගේ කෙනෙක්ගෙන් දුවව බේර ගත්ත මෙයාට තමා දුව ගැන තීරණ ගන්න අයිති කියල අම්ම කියනවා. හැබැයි එයා ඒවට කැමති නෑ. තවත් දෙයක්. මේ සීයට තවත් ජොයින්ට් එකක් තියෙනවා. එක් ගැන අපේ එක්කෙනා හොඳට දන්නවා. මටත් කීවෙ එයා. සීය ඒකිටත් පණලු. සීය කියන්නේ මෙයාව බඳින්න ඕනෙ කියල නෙමේලු. තව ටික කාලයක් සීයගේ ගෙදරට වෙලා ඉන්නලු. ඊට පස්සෙ සීය තීරණය කරන්නම්ලු කරන්නේ මොකක්ද කියල. ඉතින් පේන් තියෙන විදිහට අපිට දැන් තේරිලා තියෙන්නේ සීයා එන්නේ වෙන වැඩකට. ඕක මේගොල්ලන්ගෙ අම්මට තේරෙන්නේ නැති එකයි අවුල. දැන් දැන් සීයා එහෙන් මෙහෙන් අතපත ගාන්න සෙට් වෙන්නවලු. විරුද්ධ වෙනකොට කියනවාලු අර නරුමයාගෙන් මෙයාව බේර ගත්ත නිසා සීයට අයිතියත් තියෙනවාලු මෙයාට ඔය වගේ දේවල් කරන්න.
දැන් සීය එයාගේ බාර කාරයාලු. ඒකට විරුද්ධ වෙන එක ඥාතිද්‍රෝහිකමක්ලු. නියම ඥාතිප්‍රේමියා සීයාගේ ඕනෙ කුපාඩි වැඩකට සහයෝගය දෙන කෙනාලු. අනේ මන්ද මට නම් පිස්සු හැදෙනවා. කරුමෙ කියන්නේ අපේ ගෙදරින් තියෙන විරෝදෙනෙ. නැත්නම් මෙලහකටත් මම ප්‍රශ්නෙ විසඳගෙන.
ඥාතිද්‍රෝහියෙක් වෙනවද? ඥාතිප්‍රෙමියෙක් වෙනවද? මොකද ඔයාලගේ අදහස. (ඔව් මේකෙ ඔක්කොම සිද්දිය නෑ. එකක් ඔක්කොම දේවල් කියන්නත් බෑ. අනික මට දැන් මේකට කොටන එක්ත් එපා වෙලා.)
Tuesday, 8 December 2009
Subscribe to:
Post Comments (Atom)
සීයට බම්බු ගහගන්න කියලා එයාව බේරා ගනින්. නැත්නම් පස්සෙ පසු තැවෙන්න වෙයි. ඔයාගෙ හරි එයාගෙ හරි යාලුවෙක්ගෙ ගෙදර හරි නවත්තන්න.(එයාගෙ නම් ගොඩක් safe) ඔයාගෙ ගෙදර විරෝදෙත් පොඩි එකෙක් කෑ ගහනකොට ඉවර වෙයි. කිසිම දේකට පරක්කු කරන්න එපා.
ReplyDeleteමාර නෑකමක් නෙ බං... මම නං ඔය නෑයො ෂීන් තියාගන්නෙ නෑ.. කෙලින්ම පිටින් තමා.. :D .. මම උඔ නං නෑයට වැඩක් සැට් කොරනව ආයෙ කෙල්ලෙක් දිහා නොබලන්න.. එක එකා වැඩේට ඇන්ටොර් කොරගන්නැතුව තනියම ගේම ඇද්දනං වැඩේ අහවරයිනේ..
ReplyDeletepannapan bun
ReplyDeleteubata pissuda ban?pirimiyek nemeda?ikkmanata arugen okiwa bera ganin.naqthnam ithin loh,loh thama.
ReplyDeleteමම මුලින්ම හිතුව සීය පාතාලෙ කෙනෙන් කියල චන්දෙට උදව් කල නිසා
ReplyDeleteවිගහට එයාව කසාද බැදගෙන උඹලගෙ ගෙදරට ගෙන්න ගනින්.මොකෝ දෙන්නටම 18 ට පැනලනෙ.එතකොට වැඩේ ඉවරයිනෙ.
haka haka
ReplyDeletemaru machan.
මම හිතුවේ මැම්බරේ, උඹ අනිත් මැම්බර්ලට වඩා හොද එකෙක් කියලායි.. බලන් යනකොට උඹත් කොන්දක් නැති එකෙක් නේ..
ReplyDeleteඅඩේ උඹ ඒකිට ආදරේ නම්, බැදපං විගහට..
පස්සේ නොකිව්වයි කියන්න එපා, උඹ අදෝනා කියාගෙන එනකොට අපි එකෙක්වත් අහන්නේ නෑ...
මතක තියාගනිං ඒකත්..
ආ..මාර කතාවක් නේ මේක!
ReplyDeleteකතාවේ ඔක්කොම විස්තර නොදැන ඉතින් වැඩිය මුකුත් කියන්න බෑ. හැබැයි ඉතින්, ගෑණු ළමයත් ඉතින් ඔයාට සීරියස් ලව් නම්, ඔයාට තනියම එයාට කන්න බොනන් දීලා අඩුපාඩුවක් නොකර තියා ගන්න පුලුවන් කියලා හිතෙනවානම්, කරන්න තියෙන්නේ ඉතින් , එයාව ඔයා ලගට ගන්න එක තමා!
ඥාතිප්‍රේමියා - ඥාතිද්‍රෝහියා
ReplyDeleteකවුද මෙම්බර් තුමෝ මේ දෙන්නා.
හරියට අර ඔයැයිලෑ රජතුමාගේ දේශප්‍රේමියයි - දේශද්‍රෝහියයි වගේද?
හැබෑ කථ දෙකම එක වගේ තමා!
සීයට බම්බු ගය ගන්න තමා කියන්න වෙන්නේ!
ReplyDeleteසීයට බම්බු ගහ ගන්න කියලා ඇන්න වරෙන් ගෙදරට... මොනව උනත් උබෙ එකීනෙ. උබව විස්වාස කරන් ඉන්න එකීන, මිනිස්සු එවා මෙවා කියයි ලැජ්ජා වෙන්න එපා. පරක්කු වෙලා මොනවා කලත් වැඩක් නැහැ කොලුවො, ඇන්න වරෙන්. අම්මලා තාත්තලට සලකපන් ටිකක් දවස් යනකොට හරියයි. උබෙ ෂින් එක ප්‍රතිලොමය මට වෙලා තියන්නෙ.
ReplyDeleteසියලු දෙනාටම ගොඩාක් ස්තුතියි!
ReplyDeleteහැම දෙනාගෙම අදහස එකමයි. ඉතින් මමත් වෙන දෙයක් කරන්න අවශ්‍ය නෑනෙ. ඒ නිසා හිතේ චකිතයක් නැතිව තීරණයක් ගත්ත.(පුද්ගලික දේකට මොන ප්‍රජාතන්ත්‍රවාදයද?). ළඟදීම වැඩේ ක්‍රියාත්මක වෙයි. සියළු දෙනාටම කියල ලොකු මගුලක් කන්නයි හිතේ. ඡන්දෙ ඉවර වුනු විට දින වකවානු තීරණය කරනවා.
ela kiri decision membare...
ReplyDeleteAnyway first register your marriage in secret and then go for a big wedding.
congrats and all the best!!!