Sunday 27 December 2009

පක්ෂ මාරුවක්!

අපේ රටේ දේශපාලකයින්ට චරිත තුනක් රඟපාන්න වෙලා තියෙන්නේ. එකක් මහජන නියෝජිතකම. දෙක පක්ෂ දේශපාලනය. තුන තමන්ගේ අනාගතය. මහජන නියෝජිතයෙක් වශයෙන් කටයුතු කරනවානම් අපිට තීරණයක් ගැනීමේදී තමන් නියෝජනය කරන ජනතාවගෙන් විමසලා ඒ අයගේ මතය අනුව තීරණයක් ගන්න පුළුවන්.

ඒත් පක්ෂ දේශපාලනේ කරනකොට ජනතාව මොකක් කීවත් පක්ෂය කියන දේ අපිට කරන්න වෙනවා. නැත්නම් විනය කඩ කිරීම්. පක්ෂයෙන් නෙරපීම්. ප්‍රශ්න ගොඩයි.

ඔය සේරමත් හරි අපේ අනාගතය ගැන හිතන්න ගියාම ඇතිවන ගැටළු. අද ප්‍රදේශීය සභාවේ. හෙට? හෙටත් ප්‍රාදේශීය සභාවේ! පළාත් සභාවට, පාර්ලිමේන්තුවට යන්න තහනම්ද? කවුද ඒක තීරණය කරන්නේ. ජනතාව ද? පක්ෂය ද? මම ද?

ජනතාවත් එක්කම හිඳිමින්, ජනතාව සැබෑවටම නියෝජනය කරමින්, අමාරුවෙන් හරි පක්ෂය කියන, පක්ෂයේ තීරණත් ක්‍රියාත්මක කරමින්, ගමනක් යන්න හදනකොට මෙන්න පක්ෂෙන් අපේ පාර වහනවා. ආසන සංවිධායකයෙක් කොළඹින් එවනවා. ඒත් කමක් නෑ කියල බොහොම සුහද සිතින් අළුත් සංවිධායකතුමා පිළිගත්ත කියමුකො. අළුත් නීති රීති ගොඩයි. මෙච්චර කල් කරගෙන ආපු මහජන නියෝජිතකම නෙමේ දැන් කරන්න වෙලා තියෙන්නේ. සංවිධායක තුමාගේ නියෝජිතකම. මෙපමණ කලක් මම වැඩ කළේ මම නියෝජනය කරන කණ්ඩායමේ අව්‍යශතා, අදහස් උදහස් දැන හැඳින ගෙන, ඒ අයට සාධාරනයක් ඉෂ්ඨ වෙන විදිහට. ඒත් දැන් වැඩ කරන්න වෙලා තියෙන්නේ අළුත් සංවිධායක තුමාගේ අදහස් උදහස්වලට අනුව ඒ තුමා නියෝග කරන විදිහට. දිස්ත්‍රික් නායකත්වයට කීවහම කියන්නේ බලය රැක ගන්න පක්ෂයට ආදරේ සෑම දෙනෙක්ම කැප කිරීමක් කරන්න ඕනෙ කියල.

ඇත්ත. බලය අවශ්‍ය හැම දෙනෙක්ම ඒ බලය රැක ගන්න ඕනේ දෙයක් කැප කළාට කමක් නෑ. ඒත් මට කාගෙවත් බලයක් වෙනුවෙන් මාගේ බලාපොරොත්තු කැප කරන්න බෑ. මගේ බලාපොරොත්තුව ඔය බලතන්හාවට වඩා පුළුල් දෙයක්. මම මගේ ඉලක්කයට යා යුතුයි. ඒ සඳහා මම රැකගත යුත්තේ කුමක් ද යන්නයි මේ දවස්වල මාගේ ගැටළුව. මේ ගැන අපි තව ඉදිරියට සාකච්ඡා කරමු. මම හදිස් තීරණයක් ගන්නේ නෑ. කරන දෙයක් ජනතාවත් මගේ හිතවත්තුත් සමග සාකච්ඡා කරලයි ගන්නේ. ඒ නිසා මට මෙය කියවන හිතවත් ඔබලාගේ සහයෝගයත් අවශ්‍යයි. ඔබට හැ‍ඟෙන විදිහට ඔබේ අදහස් දක්වන්න.

3 comments:

  1. උඹ අනිත් පැත්තට ගියෝතින් උන් මල් මාලා දාලා පිලිගනී කියලා උඹ හිතනවද? උඹට ඒ පක්ෂේ ලොක්කා තැනක් දුන්නත්, ඒ පක්ෂේ උඹ වගේම එවුන්,උඹ දැන් ඔය හිතන විදියටම හිතන්න ගනී.. උඹට ජන්දේ දීපු මිනිස්සු උඹ දිහා නක්කලේට බලාවී.. රෙදි ඇදන් මිනිස්සු ලගට ගිහින් උඹට ජන්දේ ඉල්ලන්න පුළුවන්ද මැම්බරේ?

    සකල බුජං කියන කිසිම දෙයක් අපි දැන් පිලිගන්නේ නැති තත්වෙට ඇවිත්නේ... උඹටත් ඒ දේ දකින්න විදින්න කැමති නම්, පක්ෂේ මාරු කරහන්...

    ReplyDelete
  2. What is the price tag for changing party? At least organizer post? Otherwise what is the gain for you? We do not gain from the politicians. They all are same.

    ReplyDelete
  3. තමුන් හරි කියලා හිතනෙ දෙ කරන්න.හැබැයි වැඩක් කරනවනම් කොයි පැත්තෙ හිටියත් එකයි. සමහර අය අපෙ පැත්තෙ බලය නැතුවත් කට්ටිය එකතු කරගෙන වැඩ කරනවා.

    ReplyDelete