- හිතවත් මෙම්බර් මහත්තයෝ, ඔබතුමාට දැන් අවබෝධ වී ඇති දේ මේ රටේ ජනතාවට ඊට පෙර (අඩු වැඩි වශයෙන්) අවබෝධ වී තිබුණා විය යුතුයි. කොහොම හරි ඔබතුමා කියනවා වගේ සිද්ධවෙන්නේ ඔබතුමන්ලා හරියැයි සිතන දේ තමා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමන්ලා 225 දෙනා ලෙස තේරීපත්වෙන අයගෙන් ඔබතුමන්ලා නොදන්නේ විරුද්ධ පක්ෂවලට හිමිවන ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනාගේ නම් පමණයි. ඒ තරම් 'වාසනාවන්ත ආණ්ඩුවක්' තමා පත්වීමට නියමිත. අනිත් කාරණය ගරු මැම්බර්තුමනි, බොහෝ දෙනාගේ විවේචනයට ලක්වී ඇති මනාප පොරයටත් ඉතා සාර්ථක විසඳුමක් ඔබතුමන්ලාගේ නව මැතිවරණ ක්‍රමය මගින් ලබා දී තිබෙනවා. ඒ බව තවමත් තේරුම් නොගත් කිහිපදෙනෙක් (ඒ අයට කියන්නයෑ මොකක්ද වෙන්නේ කියල-තේරුම් ගන්නකම් ඔහෙ නටපුවාවේ) මනාප වෙනුවෙන් ලොකු අරගලයක් දියත් කරල තිබුණත් (සංවර්ධන සභා සඳහා පැවති) පළමු සමානුපාතික ඡන්දයේදී වගේ කණ්ඩායමෙන් තෝරා ගන්නේ කවුද කියල නායකයා තීරණය කිරීම මනාප ගැටුමට විසඳුමක්! ඒ සේරම පැත්තකින් තියමු. මැම්බර් මහත්තයෝ තව එක දෙයක් කියන්න තියෙනවා. මමත් රාජ්‍ය සේවකයෙක්. හැබැයි ඔබතුමා වගේ ආණ්ඩුවේ සේවකයෙක් නෙමේ. ඉතින් රාජ්‍ය සේවකයෝ හැටියට අපි මැතිවරණයක් වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා. අපි කරන කාර්යය හා එහිදී අපි ගන්නා වගකීම හා අවදානම ඉතා විශාලයි. අපේ රාජකාරී ජීවිතයේදී අප ඒ තරම් අවදානමකට මුහුණ පාන අවස්ථා නැති තරම්. ඒ වුනත් අපි ඒ අවදානම හා වගකීම ගන්නේ රටේ සීමිත පිරිසකට හිමිවන වැදගත් අවස්ථාවක් සේ සලකා බොහොම ලොකු අභිමානයකින්. මැතිවරණයට පෙර පැවැත්වෙන පුහුණු කිරීමේ සැසි (ඡන්ද පන්ති) වලදී උසස් මැතිවරණ නිලධාරීන්ගේ දේශණවලට සවන් දෙනකොට අපි තවත් උද්දීපනය වෙනවා. අපිට පැවරිලා තියෙන්නේ කොච්චර ලොකු වගකීමක්ද කියල හිතල ඉත සිතින් පේ වෙලා තමා ඒ රාජකාරියට යන්නේ. අපට ඇතිවන්නේ මැතිවරණයේදී අපිට ඉහලින් සිටින්නේ 'මැතිවරණ නීතිය' හා 'යුත්තිය' පමණයි කියන හැඟීම. අපි මැතිවරණය පුරා කටයුතු කරන්නේ ඒ ගාම්භීර හැගීමෙන්. ඒ නිසයි අපේම ඇමතිතුමා ආවත් අපි නීතිය හරියටම ක්‍රියාත්මක කරන්නේ. ඡන්දයට පෙර දිනයේ උදෙන්ම ගිහින් ඡන්ද පෙට්ටිය හා ඡන්ද පත්‍රිකා ටික භාර ගත් මොහොතේ සිට ඡන්දය අවසන් වී ඒ සියල්ල ආපසු භාර දෙන මොහොත දක්වා අපි කටයුතු කරන්නනේ ජීවිතය දෙවෙනි කොට සලකමින්. රාත්‍රියක් ගත කිරීමට අවශ්‍ය අවම අවශ්‍යතා කිහිපයකින් පමණක් සැනසී, නොදන්නා ප්‍රදේශයක, නොහඳුනන නිලධාරීන් පිරිසක් සමග රැයක් එළි කරන්නේ ලොකු චකිතයකින්. ඡන්දය විමසන දිනයේ උදේ 5ට පමන ඇරඹෙන විවේකයක් නොමැති රාජකාරී සම්භාරය එක දිගට පැය 12ක් පමණ යන්ත්‍රයක් වගේ ඉටු කරනවා. එහිදී අත්විඳීමට සිදුවන විවිධ අවස්ථාවන් ඉතාමත් සංකීර්ණයි. සමහර සිද්ධීන් හරිම සංවේදීයි. ගමේ ග්‍රාමනිලධාරියාගේ වැරදි හා අතපසුවීම් වලට පවා බැනුම් අසන්නේ අපි. ඡන්දහිමි නාම ලේඛනයේ නම නොතිබීම වැනි අවස්ථාවලදී බොහෝ මිනිසුන් ඉතා ආවේගශීලී ලෙස හැසිරෙනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනා මොනම පක්ෂයකට හෝ තදින් ඇලුම්කරන්නන් නොවන බව හා පක්ෂ සමග දැඩි සම්බන්ධයක් නොමැති අය බව එතන සිටින නියෝජිතයින්ගේ හැසිරීම්වලින් හොදින් නිරීක්ෂණය කළ හැකියි. ඔවුන් එන්නේ තමන් ගේ අයිතියක් වෙනුවෙන්. එය අහිමි වී ඇතිබව දකින විටදී ඔවුන් අවේගශීලී වීම ස්වාභාවිකයි. එහෙත් එවැනි කෙනෙකුට කිසිම සහනයක් දීමට අපි නොපෙළඹෙන්නේ බැරිවෙලාවත් ඔහු කරන්නේ වංචාවක් නම් අපි ඉතා පාරිශුද්ධව දැඩි වගකීමකින් එකතු කරගන්නා ලාංකීය ජනතාවගේ පාරිශුද්ධ වරණය බිඳකින් හෝ අපිරිසිදු වීමට ඉඩ නොදෙමි කියන අවංක හැඟීමෙන්. ගරු මැම්බර්තුමනි, අපි පමණක් නොවේ, තමන්ගේ ඡන්දය 'රටට දැනෙන තීරණයක්' යැයි විශ්වාස කරනා අවංක මිනිසුන් කී දෙනෙක් නම් තමන්ගේ අතින් වියදම් කරමින් ඉතා දුරබැහර සිට තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයට එන්නේ කොතරම් විශ්වාසයෙන්ද? ඒත්... අපි ඒ තරම් කැපවීමෙන් එකතු කරනා ශ්‍රී ලාංකීය මහජනතාවගේ අති පාරිශුද්ධ මනාපය, පසුදා අළුයම ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථානයේ එළියට විත් හෙලූ කෙල බිඳක් සේ ඉවතට විසි වේනම්, අපි මේතරම් නහින්නේ ඇයි. ඔබතුමාගේ මීට ප්‍රථම බ්ලොග් ෆෝස්ට් එකක ජන්දය වෙනුවෙන් ඔය තරම් මහන්සි වුනේ අපරාදේ බව ඔබට නොකියා කියවී තිබුනා මතකයි. ඒ කෙසේ වුවත් මැතිවරණ කාර්යාලයේ උසස් නිලධාරීන්ට අපේ හිසෙහි තැබීමට අපිම දෙන්නේ වේලුනු කොස් කොල වලින් සෑදූ ඔටුන්නක් විනා රාජ්‍ය නිලධාරියෙක් ලෙස අපට පමණක් හිමි වන විශාල අභිමානයක් නොවන බව දැනෙන විට ...ගරු මැම්බර් උතුමානෙනි, කන්පෙති රත් වී යන් ලැජ්ජාවකුත් සමග පුදුමාකාර ආත්ම අවමානයක් හිතට දැනෙනවා. අවංකවම කියන්න ඔබතුමන්ලා තවත් මුඛයකින් අපට සිනා වෙනවා නේද?
Sunday 28 February 2010
'හොඳම පාර්ලිමේන්තුව හා හොඳම කැබිනට් එක' ෆෝස්ට් එකට හොඳම කමෙන්ට් එක!
මාගේ පූර්ව ෆෝස්ට් එක පලවී දින කිහිපයකට පසුව ඒකට දිග කමෙන්ට් එකක් දාල තිබුණා. එහි අන්තර්ගතය මට හානිකර වුවත් ඉතා සංවේදී දෙයක් එහි තිබෙනවා. ඒ දෙය මම පිළිගත්තත් නොගත්තත් එය ලියූ 'නිර්ණාමිකයාට' කිසියම් අසාධාරනයක් වී ඇති බව මට පෙනී ගියා ඊට පසු කිසිම කෙනෙක් එයට ප්‍රතිචාර දක්වා නොමැති කමෙන්. ඉතින් සම්ප්‍රදායික දේශපාලඥයෙක්ට එහා ගිය තීරණයක් ගනිමින් එම කමෙන්ට් එක අළුත් ෆෝසට් එකක දාන්න තීරණය කළා. මම මෙය කියවන ඔපෙන් ඉල්ලන්නේ මේ කියන දේට ඔබ එකඟද නැද්ද යන්න වත් කියන්න.මෙන්න කමෙන්ට් එක.
Friday 26 February 2010
හොඳම පාර්ලිමේන්තුව හා හොඳම කැබිනට් එක.
ලංකා ඉතිහාසයේ හා ශ්‍රී ලංකා ඉතිහාසයේ හොඳම පාර්ලිමේන්තුව පත්වීමේ හා හොඳම කැබිනට් මණ්ඩලය පත්කර ගැනීමේ අමරණිය අවස්ථාව දැන් උදා වී තිබේ. එම වාසනාවන්ත ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරී මහජන නියෝජිතයෙක් වශයෙන් මා සතුටට පත් වනවා සේම ඒ රටේ වැසියන් ලෙස සතුටු වීමේ වාසනාව ඔබටත් උදා වී තිබේ.
පළාත් සභා ඡන්දවලින් පටන් ගෙන ජනාධිපතිවරණය දක්වා පැවැත්වූ සෑම වරණයකදීම විශ්මයජනක ජයග්‍රහණ ලබා ගනිමින් ඉතාමත් සුදුසු අපේක්ෂකයන් ඉතා ඉහල මනාප ලබා ගනිමින් හා ජනාධිපතිතුමා ඉතා ඉහල වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් දැන් පැමිණ සිටින්නේ අප විසින් ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉතාමත් සුදුසු කණ්ඩායම 2/3 ක බහුතර බලයක් ලැබෙන පරිදි හා 5/6 දක්වා වර්ධනය කරගත හැකිවන පරිදි, ඒ ඒ චරිතයට ගැලපෙන් ආකාරයෙන් විශාල මනාප ප්‍රමාණයන් ලබා ගනිමින් අපේ සිහින සැබෑ කරන ආණ්ඩුව නිවැරදිව පත්කර ගැනීමේ අවස්ථාවයි.
දිස්ත්‍රික්කයෙන් පක්ෂයට ලැබෙනා ඡන්ද වලින් මේ දක්වා ලංකාවේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ප්‍රතිශතය මෙවර අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාට හිමිවීම, කැබිනට් මණ්ඩලයට පත්කරගත් යුතු සියළු දෙනා තම තම දිස්ත්‍රික්කවල මුලට පැමිණීම, ජනාධිපතිතුමාගේ කකුලෙන් අදිමින් හා එතුමා යන ගමනට බාධාවක් වෙමින් කටයුතු කළ කිහිපදෙනාට ප්‍රමාණවත් මනාප ප්‍රමාණයක් නොලැබීම, කට පහලට හරවාගෙන තිබූ ලාංඡනයට කිසිවක් එකතු නොවුණු නිසා මොනවා හෝ එකතු කර ගැනීමට කට උඩට හරවා ලාංඡනය වෙනස් කළ අයට (අපේ මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිතුමා කීවා වගේ පාර්ලිමේන්තු කෑම අජීරණය වීම වැනි අපහසුතාවයන්ට පත්නොවී) කාර්යාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා පුර්ණ කාලීනව කැපවීමට හැකිවන පරිදි කිසිම කෙනෙක් තේරී පත් නොවීම, ලංකාවේ නාකිම පක්ෂයේ නාකි නායකයා, ශ්‍රී ලංකාවේ ලාබාලම පක්ෂයේ තරුණ නායකයාට වඩා අඩු මනාප ප්‍රමාණයක් ලබා ගැනීම, ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සඳහා එතුමගේ බෙල්ලේ එල්ලෙමින් පපුවේ ස්පර්ෂ වූ, එතුමාගේ හිත දිනාගත් රට රකිනා 'ආයුධ කට්ටලයට' ඉහල තැනක් කැත නැතිව දීමට තරම් ප්‍රමානවත් මනාප ප්‍රමානයක් ලැබීම ආදිය සිදු වීම, අපේ ජනාධිපතිතුමාගේ අනාගත සැලසුම් ඒ ආරයෙන්ම ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය විශ්වාසය ඇතිකර ගැනීම සඳහා අවශ්‍යවන අවශ්‍යවන වේලාවට තමන් ළඟට ගත හැකි අය පමණක් විපක්ෂයෙන් තේරී පත්වීම ආදී කාරණා 'පිඟානේ බත්' වගේ ෂුවර්ය.
පළාත් සභා ඡන්දවලදී හා විශේෂයෙන් ජනාධිපතිවරණයේදී අපි ගැන පුද්ගලිකව තිබූ ඇස්තමේන්තුව ගැන පමණක් සිතා වූ වෙහෙස මේ වාරයේදී විය යුතු නැති බව දැන් අප කාටත් පැහැදිලිය. එබැවින් මේ දවස්වල අපේ කට්ටිය කරන්නනේ හේත්තු වීම සඳහා විශ්වාස අතු හොයන එකය.

Friday 19 February 2010
පුද්ගලිකයි....!
මතකද මගේ පුද්ගලික කාරණයකදී ඔබලා මට උදව් කළා.
ඒ වෙලාවේදී කවුරුත් කීවේ සීයට ඕනෙ කුදයක් ගහගන්න කියල කෙල්ලව ගෙදර ගෙනෙන්න කියලනෙ. මමත් හිතා ගත්තේ ඒක තමා හොඳ කියල. ඒත් වැඩේ සිද්දවෙන්නේ වෙන පැත්තකට.
මේකනෙ වුණේ. මම යාළුවෙලා ඉන්නේ අපේ නෑයෙක් එක්ක. එයාට අපේම තවත් නෑයෙක්ගෙන් බොහොම කරදර වුණා. අපේ සීයා කෙනෙක් මගේ ඉටුදෙවියෝ වගේ ඇවිත්ලා එයාම බේර ගත්ත. පස්සෙ සීයා එයාට අයිතිවාසිකම් කියන්න පටන් ගත්තා. ඒත් එයා සීයට කැමති නෑ කියල හිතුව නිසා මම තීරණය කළා එයාව කසාද බැඳල ගෙදර ගේනවා කියල කවුරු විරුද්ධ වුණත්. මමත් ඉතින් මගේ අනිත් වැඩ ඔක්කොම දෙවෙනි තැනට තියල මේ මගුලට ලේස්ති වුණා.
අනේ අන්තිමට බලනකොට මේ ගෑනිත් කැමති සීයටමනෙ. කළගුණ සලකන එක අපේ වැදගත් සිරිතක්ලු. ඒ නිසා සීය කියන දේකට කැමති වෙන එක එයාගේ යුතුකමලු. මමත් ඥාතිද්රෝහියෙක් නොවී සීයට උදව් කරන එකලු කරන්න ඕනෙ. ඒ මදිවට දැන් මගේ වැරදි ගමකට. රස්සාවක් නැතිලු. දේශපාලනය කරන උන් විස්වාස නැතිලු. මම එයාටත් වංචා කළාලු.
අනේ ඉතින් මටත් මොකෝ. ඔයා සීයත් එක්ක ඕනෙ කුදයක් ගහ ගන්න. ඇත්තනෙ! කළගුණ සැලකීම උතුම් මිනිස් ගුණාංගයක්නේ. අනික අපේ ජාතියත් කළගුණ සලකපු හැටි මතකනෙ; ඉතිහාසගත වෙන්න.

Saturday 6 February 2010
රෝහලට මෝචරියක් මොකටද? - මම කියන දේ දැන්වත් තේරුම් ගනිල්ලා.
අපේ ආණ්ඩුවට විශාල හිසරදයක්ව පැවති ඩෙංගු රෝගය ජනාධිපතිවරණ සමයේදී බොහෝ දුරට යහපත් තත්වයක පැවති බව මාධ්‍ය වාර්තා කොට තිබුණි. එසේම දැන් නැවතත් ඩෙංගු මරණ 'සිදු වීම' ආරම්භ වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මෙසේ වන්නේ ඇයිද කියා තේරුම් ගැනීමට අප උත්සාහ කළ යුතුය. (උත්සාහ කොට අපහසු වුණොත් මට කියන්න; මම උදව් කරන්නම්!). ඒසේම අපේ ජනතාව තේරුම් ගත යුතු තවත් දෙයක් තිබේ. එනම් රෝහලක් යනු එයට ඇතුළත් කරන සියලු දෙනාම පන පිටින් ආපසු ගෙදර යැවීමට බැඳී සිටින ස්ථානයක් නොවන බවයි. රෝහලකට මෝචරියක් තිබෙන්නේ ඒ නිසාය. මහජනතාව එයද තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. (උත්සාහ කොට අපහසු වුණත් මටනම් කියන්න එපා; කෙලින්ම අපේ ඇමතිතුමාගෙන්ම අහන්න!). අවසාන වශයෙන් මහජනතාව තේරුම්ගත යුතු දෙය මා මීට ප්‍රථම සටහනේ පැහැදිලි කළෙමි. "කාළිංඟ මාග හා යුරෝපීය ජාතීන් විසින් සැලසුම් සහගත ලෙස සිංහල අපගේ ජාන විකෘති කළ ද, වසර 2500ක ලිඛිත ඉතිහාසයටත් ඈතට දිවෙන වසර 7000 ක් පමණ කාලයක සිට පැවත එන රාජපාක්ෂිකත්වය වැනි උතුම් ගතිගුණ අපගේ ජානවල තවමත් ඉතිරිව පවතී." තමන් වසර දහස් ගනනක් තිස්සේ පැවත එන නියම ලාංකිකයන්ද නො එසේනම් කාළිංඟ මාඝ යුගයේ දී හෝ සුද්දාගේ කාලයේ දී අවජාතකව උපන්නෙක් ද කියා තමන්ම තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. (උත්සාහ කොට අපහසු වුණොත් ජැක්සන් ඇන්තනි මහත්තයාගෙන් අසා දැන ගන්න; මට වඩා හොඳට පැහැදිලි කර දෙයි!).
Subscribe to:
Posts (Atom)