Saturday 6 February 2010

රෝහලට මෝචරියක් මොකටද? - මම කියන දේ දැන්වත් තේරුම් ගනිල්ලා.

අපේ ආණ්ඩුවට විශාල හිසරදයක්ව පැවති ඩෙංගු රෝගය ජනාධිපතිවරණ සමයේදී බොහෝ දුරට යහපත් තත්වයක පැවති බව මාධ්‍ය වාර්තා කොට තිබුණි. එසේම දැන් නැවතත් ඩෙංගු මරණ 'සිදු වීම' ආරම්භ වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මෙසේ වන්නේ ඇයිද කියා තේරුම් ගැනීමට අප උත්සාහ කළ යුතුය. (උත්සාහ කොට අපහසු වුණොත් මට කියන්න; මම උදව් කරන්නම්!). ඒසේම අපේ ජනතාව තේරුම් ගත යුතු තවත් දෙයක් තිබේ. එනම් රෝහලක් යනු එයට ඇතුළත් කරන සියලු දෙනාම පන පිටින් ආපසු ගෙදර යැවීමට බැඳී සිටින ස්ථානයක් නොවන බවයි. රෝහලකට මෝචරියක් තිබෙන්නේ ඒ නිසාය. මහජනතාව එයද තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. (උත්සාහ කොට අපහසු වුණත් මටනම් කියන්න එපා; කෙලින්ම අපේ ඇමතිතුමාගෙන්ම අහන්න!).  අවසාන වශයෙන් මහජනතාව තේරුම්ගත යුතු දෙය මා මීට ප්‍රථම සටහනේ පැහැදිලි කළෙමි. "කාළිංඟ මාග හා යුරෝපීය ජාතීන් විසින් සැලසුම් සහගත ලෙස සිංහල අපගේ ජාන විකෘති කළ ද, වසර 2500ක ලිඛිත ඉතිහාසයටත් ඈතට දිවෙන වසර 7000 ක් පමණ කාලයක සිට පැවත එන රාජපාක්ෂිකත්වය වැනි උතුම් ගතිගුණ අපගේ ජානවල තවමත් ඉතිරිව පවතී." තමන් වසර දහස් ගනනක් තිස්සේ පැවත එන නියම ලාංකිකයන්ද නො එසේනම් කාළිංඟ මාඝ යුගයේ දී හෝ සුද්දාගේ කාලයේ දී අවජාතකව උපන්නෙක් ද කියා තමන්ම තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. (උත්සාහ කොට අපහසු වුණොත් ජැක්සන් ඇන්තනි මහත්තයාගෙන් අසා දැන ගන්න; මට වඩා හොඳට පැහැදිලි කර දෙයි!).

5 comments:

  1. අයියො මැම්බරෙ.. ඔයානම් මහ පුදුම කතාවක් කියන්නෙ..

    රෝහලක් යනු එයට ඇතුළත් කරන සියලු දෙනාම පන පිටින් ආපසු ගෙදර යැවීමට බැඳී සිටින ස්ථානයක් නොවන බවයි

    ඇමතිට කියහන් කො එකෙක් දෙන්නෙක් වත් හොද කරලා ගෙදර අරින්න කියලා..හික්..හික්..

    "කාළිංඟ මාග හා යුරෝපීය ජාතීන් විසින් සැලසුම් සහගත ලෙස සිංහල අපගේ ජාන විකෘති කළ ද, වසර 2500ක ලිඛිත ඉතිහාසයටත් ඈතට දිවෙන වසර 7000 ක් පමණ කාලයක සිට පැවත එන රාජපාක්ෂිකත්වය වැනි උතුම් ගතිගුණ අපගේ ජානවල තවමත් ඉතිරිව පවතී."

    සිංහල කම පෙන්නන ගිහිල්ලා ජූලි මාසෙක වෙච්චි දෙයක් මතකද.. අනිත් එක ජැක්සන්ගෙ ලේවල නම් විරත්වයක් නැහැ. පොත් ටිකක් කියවලා ඔහෙ කැගහනවා. කතොලික කෙනෙක් කියන්නෙ කාටද කියලා කල්පනා කරන්න. එතකොට එයාගෙ පරම් පරාවෙ කවුරු හරි කොතනකදි හරි යම් වෙනස්කමක් කරලා තියනවා.

    ReplyDelete
  2. හොර ඇමතියට මෘත ශරීරාගාරය කියල කියන්නවත් තේරෙන්නෙ නෑ.කිව්වෙ ‘මුත්‍ර‘ ශරීරාගාරය කියල.

    ReplyDelete
  3. Adupadu walata amathi wagakiwa yuthuyi. Eth ape Helth sector eke diyunuwak dakinawa awankawama. Eka amathige effort eka kiyala mama kiyanne ne. Ohuwath agaya kala yuthuyi. Me liyana aya govt hospital gihin thiyenawada ? Dengu hadunoth nam yana eka sure! (kochchara bannath :p)

    Anith eka sanskruthiyakata garahanna tharam obata thiyena denuma mokadda ? Adu ganane Jackson poth tikak hari kiyawala thiyenawa. Ohu ape atheetha igenum walin prayojanawath yamak mathukaraganna balanawa. eth oba mokada karanne ?

    ReplyDelete
  4. "රෝහලට මෝචරියක් මොකටද?"

    මෙහෙයුම් පද්ධත් ඕනෙම එකක Recycle Bin එකක් කියල එකක් තියෙන්නෙ අපි ගාව තියෙන ගොනු ඔක්කොම ඒකට දාන්නද?

    නිකං ගොං කතා එපා.. :P

    ReplyDelete
  5. ඔව් ඔව් දැන් අලුතෙන් මෝචරි හදන්න වෙයි වගෙ ඩෙOගු වලින් මැරෙන ගාන එන්න එන්නම වැඩි වෙනව්නේ.... health sector එක දියුනු කරන්න නම් හදන්නෙ hospital නැතුව මෝචරි හදන්න ඕන..

    ReplyDelete