Monday 28 September 2009

මැම්බර් ද ? මන්ත්‍රී ද ?

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටකි.
මහජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා මහජන නියෝජිතයින් වර්ග 4කි.
  1. ජනාධිපති
  2. පාර්ලිමේන්තු මන්ත්‍රී
  3. පළාත් සභා මන්ත්‍රී
  4. පළාත් පාලන ආයතන නියෝජිත
ප්‍රාදේශීය සභාවල අපි නියෝජිතයෝ විනා මන්ත්‍රීවරු නොවෙමු. එහෙත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී, නිකම් නොවේ ගරු මන්ත්‍රී ලෙස හඳුන්වා ගැනීමට කැමැත්තෙමු. අපට මේ නම ස්ථිර කර දෙන ලෙස අතිගරු ජනාධිපතිතුමාගෙන් ද ඉල්ලා සිටියෙමු. ලැබුණාද නැද්ද කියා හරියටම දන්නේ නැත. ඒ කෙසේ වුවද මා නම් පෞද්ගලිකව වඩාත්ම කැමති මන්ත්‍රී කියනවාට වඩා මැම්බර් කියනවාටය.

මන්ත්‍රී කී විට ජනතාවගෙන් දුරස් වූ ගතියක් දැනේ. එහෙත් මැම්බර් එහෙම නැත. තමන්ගේ මැම්බර්ට විශාල ගෞරවයක් හා හිතවත් කමක් ජනතාව තුල තිබේ යැයි මට හැඟේ. ඒ නිසාම මම, මා තෝරා ගත් ජනතාව අමතන සෑම විටම මා ඔබගේ මැම්බර් යැයි හඳුන්වා දෙමි. ඒ තුලින්ම මට දැන් ජනතාව තුල ලොකු ගැම්මක් ඇති වී තිබෙන බව මාගේ සමීපතයින් ගේ අදහසයි.

මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝශයට අනුව member යනු (ශරීරයෙහි) අවයවය; අංශය; කොටස හා සාජිකයා වේ. ඒ අනුව member යනු යම් සංවිධානයක හෝ එකතුවක කොටසක් හැඳින්වීමට යොදන පදය ලෙස නිර්වචනය කළ හැකිය. මැම්බර් නොහොත් Member ලෙස සභිකයා හඳන්වන්නට ඇත්තේ අදාල සභාවේ සාමාජිකයෙකු යන තේරුම ඇතිව විය හැකිය.

එහෙත් මා වඩාත් කැමති, මා ප්‍රාදේශීය සභාවේ සාජිකයෙකු යන අර්ථයෙන් Member ලෙස හඳුන්වනවාට වඩා, මා නියෝජනය කරනා ප්‍රදේශයේ, ගමේ සාමාජිකයෙකු යන අර්ථයෙන් Member ලෙස හඳුන්වනවාටය.

කෙසේ වුවද ලංකාවේ ප්‍රාදේශීය සභා 270 වේම අනෙක් සියලුම නියෝජිතයින්ව ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීතුමා ලෙස හඳුන්වද්දී අපේ මෙම්බර් මහත්තයා ලෙස මා හඳුන්වන මෙන් ඉතා යටහත් පහත්ව ඉල්ලා සිටිමි.

යටහත් පහත් වීම හා ආනාගතයේදී මෙම්බර්ලා වීම පිළිබඳව ඉදිරි සටහනක ලියමි.
සියලු දෙනාටම යහපතක් ම වේවා...!

3 comments:

  1. සමහර මෙම්බර්ලා ගෙම්බර් දාන එකටනම් මම කැමති නෑ

    ReplyDelete
  2. ගෙම්බර් දාන එවුන් ආයෙත් මෙම්බර්ලා කරන්න එපා. ඒ අයිතිය ඔබට තියෙනවා.

    ReplyDelete
  3. මෙම්බර් මහත්තයෝ..ඔබතුමාට සැබෑ මහත්මාගති ඇතැයි සිතන නිසාම..ජයෙන් ජය පතනවා..!

    ReplyDelete