Friday 11 December 2009

ජනරල්ගේ පෝස්ටර් ආරක්‍ෂාවට හමුදාව!

විපක්‍ෂය මැතිවරණ දූෂණ ගැන ආණ්ඩුවට චෝදනා කරද්දී ඒ අයගේ වැඩ මෙන්න.

පසුගිය දිනක එළිවෙන කොට මාගේ ප්‍රදේශයේ බොහෝ ස්ථානවල ජනරල් ෆොන්සේකා (ජනාධිපතිතුමාට) ආචාර කරනා ඡායාරූපයක් රැගත් පෝස්ටරයක් අලවා තිබුණි. එය ලංකාව පුරාම ඇලවූ එකක් බව කළ විමසීම් වලින් දැන ගන්නට ලැබුනි. පසුදා රාත්‍රියේ තමන්ගේ පෝස්ටරයක් ඇලවීමට ගිය අමතර පන්ති ගුරුවරයෙකුගේ කණ්ඩායමකට මෙන්ම ඡන්ද නීති ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලධාරීන්ටද ඒ අසල පදිංචි රණවිරු පවුල්වල සමහරුන් තම කාර්යය ඉටුකර ගැනීමට ඉඩ දී නොමැත. ඔවුන් පවසා ඇත්තේ එම පෝස්ටර් ආරක්‍ෂා කර දෙන ලෙස තම දරුවන් තමන්ට දැනුම් දුන් බවයි.

සිදු වෙන්න යන්නේ කුමක්ද?

4 comments:

  1. ඉතිං ජනාධිපතිතුමා ජනරාල්ට හරියට පෝස්ටර් අලවන්න වත් ඉඩ දෙනවද? මැරයො දාලා එව්වා ඉරනවනේ.
    ඒවා හොඳ වැඩද?

    ReplyDelete
  2. ඔය වගේ දෙයක් අපේ පැත්තෙත් උනා.
    පොලිසියට ඕඩර් කරල තියෙනවාලු ජෙනරල්ගේ පෝස්ටර් උඩ වෙන පෝස්ටර් අලවන්න කියල. ඉතින් පොලිස් කට්ටිය ගිහින් ප්‍රෙස් වලින් ඉල්ලගෙන එනව අළුතින් ගයල තියෙන පෝස්ටර්. අලවන්න දාන්නේ හවසට පාරේ චැට් එක දාගෙන ඉන්න කොල්ලෝ අල්ලගෙන ගිහිල්ල. ඉස්සෙල්ලම කූඩුව ළඟට එක්ක ගිහින් දෙකක් තුනක් ගහනවා. ඊට පස්සේ කියනව ජෙනරල් ආවොත් උඹලට හම්බ වෙන්නේ ඔහොම නෙමේ කියල. පස්සෙ කූඩුවට දාන්නෙ නැතුව තියන් ඉඳල රෑ කෑමත් දීල පාන්දර එක්ක යනවා පෝස්ටර් අලවන්න.
    ඊට කලින් කට්ටිය ‘ස්ටෙලා‘. වැඩේට බැස්සහම කියනවා “කොල්ලනේ ෂේප් එකේ අලපල්ල. ඕව වැඩක් ඇති වැඩ නෙමේ“ කියල. වැඩේ ඉවර උනහම එළිවෙන්න කලින් කට්ටිය ආපහු එවනවා.
    ලස්සන වැඩේ, “පුළුවන් තරමක් අපි අලෝපුව ගලෝලදාපං. හැබෑ එතනම හරිද“ කියලත් කියනවා. මේ එක තැනක වුනු එක සිද්ධියක් විතරයි. හැම තැනම ඔහොමද දන්නේ නෑ.

    ReplyDelete
  3. ඔය දෙගොල්ලොම (මං කිව්වේ මහින්ද මාමාගේ අයයි ෆොන්සේකා මාමාගේ අයයි.) මහ අවස්ථාවාදියෝ.. මිනිස්සු සල්ලි වියදම් කරලා හදන තාප්ප වල පොදු ස්ථාන වල.. ඕන තැනයි එපා තැනයි හැමතැනම තමන්ගේ මූණු පොඩි දාලා පෝස්ටර් අලවනවා.. ටීවී වල දෙසන බයිලා මදිවටද මන්දා.. නායකයෙක් වෙන්න නම් සේරටම කලින් ආදර්ශමත් වෙන්න ඕනි.. පොදු දේපල සුරකින්න වත් බැරි නායකයෝනේ අපේ රටේ පත්වෙන්නේ..එකෙක් නෙවෙයි සේරම එකයි..!! ඉතිං කොහෙද රටකට හරියන්නේ..!!

    ReplyDelete
  4. විජාතික බලවේගය13 December 2009 at 23:10

    @malee_msg
    ඔය දෙගොල්ලොම (මං කිව්වේ මහින්ද මාමාගේ අයයි ෆොන්සේකා මාමාගේ අයයි.) මහ අවස්ථාවාදියෝ..
    හා හා පොඩි එවුන්ට ඔවා වඩක් නැ

    ReplyDelete