Saturday 26 December 2009

දෙගිඩියාවෙන් දංගෙඩියට..!

මගේ කේන්දරේ ග්‍රහ මාරුවක් වෙන කාලයක් වගේ.
අස්ථාවර භාවයක් හිතට දැනෙන්නේ.
සිතත් චංචල වෙලා. මොනවා කරන්න ද හිතා ගන්න බෑ.
දෙගිඩියාවෙන් ඉන්නනේ මේ දවසවල.

මිනිසා දේශපාලන සත්වයෙක්. දේශපාලනයේ බල කඳවුරු කිහිපයක් තිබෙනවා. දේශපාලනික සත්වයා පය තබන කඳවුර තීරණය කරන්නේ කවුද? කොහොමද? ඒකත් උපතින්ම තීරණය වෙනවාද?

‍ඡන්ද වැඩවලට එළියට බැස්ස විටදී නම් වැඩිපුරම හමු වන්නේ උපතින්ම තමන්ගේ දේශපාලන කඳවුර තෝරා ගත් ඡන්ද දායකයෝ. "අපි ඉතින් උපතින්ම කොලනෙ සර්. තරහ වෙන්න එපා." "අපේ තාත්තලත් උපන් ගෙයි ශ්‍රී ලංකා කාරයෝ.  අපේ අත කැපුවත් එන්නේ නිල් ලේ මහත්තයෝ."

ඒ පමණක්ද? අපේ ගරු ජනාධිපතිතුමාත් පසුගිය වතාවේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට ඉදිපත් කළ ප්‍රභලම සාධකයක් වුණේ 'මම මේ පක්ෂය දාල ගිය මිනිහෙක් නෙමේ.' කියන එකයි.

ඔය හැම දෙනෙක්ම තමන්ගේ දේශපාලන කඳවුර තමන් නොදැනුවත්වම මාරු කරන අය බවයි මාගේ මතය. නායකයා ඉන්න කඳවුර තමා පක්ෂයේ කඳවුර. උදාමරණයක් ලෙස 'උපතින් කොළ' කට්ටිය කොහොම වුණත් 'කැපුවත් නිල්' කට්ටිය දන්නෙම නැතුව 1994 දී තමන්ගේ කඳවුර මාරු වෙලා. මොකද අපේ හිටපු නායිකාව හිටියේ වෙනත් කඳවුරක. අපි එයාව නායකයා කරගෙන ඉන්නකම් අපේ දේශපාලන කඳවුර ඒක.(තාම ඒ කඳවුරේම තමා)

ඊ ළඟ ප්‍රශ්නය! එකම කඳවුරේ පක්ෂ කිහිපයක් තියෙනවානම් අපි සිටිය යුත්තේ කුමණ පක්ෂයේද? සලකා බැලිය යුතු නිර්නායක මොනවාද? පක්ෂ මාරු කිරීම 'කැත වැඩක්ද?'. අපගේ අවසාන ඉලක්කය විය යුත්තේ කුමක්ද?.

කෙලින්නම කියන්නම්. මම දැන් දෙගිඩියාවෙන් ඉන්නේ. නිවැරදි තීරණය නොගත්තොත් දේශපාලනයේ දංගෙඩියට තමා යන්න වෙන්නේ!

වැඩි කාලයක් නෑ තීරණය ගන්න. ඒත් හදිස්සියට වැරදි තීරණයක් ගන්නත් බෑ. මොකද කියන්නේ.

7 comments:

  1. හෙහෙ...
    තමුන්නාන්සෙත් කරණම ගහන්න වගේ ලෑස්තිය :D

    ReplyDelete
  2. දේසපාලකයෙක්ට වැඩියෙන්ම තිබිය යුතු දේ තමා "ඉවසීම". අනිත් හැමදේම ඔයිට යටයි. ඉවසීමෙන් කටයුතු කළොත් ජය නියතයි. උදාහරණ 2ක් දෙන්නම්.

    1. කොයිතරම් කැපිලි ආවත් මහින්ද ඉවසගෙන හිටියා. අන්තිමේ රජවුනා.
    2. කොයිතරම් කැපිලි ආවත් සජිත් තාමත් ඉවසගෙන ඉන්නවා.

    හදිස්සි තීරණ ගන්න එපා. හදිස්සියට ගන්න ගොඩක් තීරණ තමා අවසානයේ වැරදි තීරණ වෙන්නේ. උදාහරණ 2ක් දෙන්නම්.

    1. අනුර බණ්ඩාරණායක ගත්ත තීන්දු තීරණ සහ ඒකෙන් අවසානයේදී ඔහුට අත්වූ ඉරණම.
    2. සරත් ෆොන්සේකා දේසපාලනිකව ගත් තීරණ. (ඉදිරියේදී මෙය හරියටම දැක ගත හැක).

    ඔබවැනි තරුණ දේසපාලකයෙකුට හදිස්සි ඉක්මන් තීරණ ගැනීමෙන් කිසි කරදරයක් නැතිව ස්වකීය දේසපාලන අනාගතය නැති කරගත හැක. එමනිසා එළෙස කරගැනීමෙන් වළකින්න.

    ජය වේවා...

    ReplyDelete
  3. මැම්බරේ, පනින්න එපා බොල..
    මාරයා කියලා තියෙන්නේ ඇත්ත...

    පැන්නම කොලිටි එක නැති වෙනවා.. සකල බුජං ට වුනු සන්තෑසිය පේනවනේ... කාගෙන හිටපිය ..

    ReplyDelete
  4. රනා කියන දේට මමත් එකඟයි!!

    ReplyDelete
  5. අවංක සෘජු තිරන ගන්නා, කෙලින් කතා කරන, සාධාරන, කෙනෙක් ගෙ පැත්ත ගන්න. නමුත් අන්තිමට ඉතුරුවෙන්නෙ ඔයාගෙ හිත විතරයි. යමක් කරන්න බලය ඔනැම නැහැ. මිනිස්සුන්ගෙ හිත්වලට කතා කරලා එයාලව අවුස්සගෙන එයාලගෙ වැඩ එයාලට කරගන්න හරින්න ඔයා පුලුවන් විදියට ඔයා උදව් කරනවා මිසක් දිනන පැත්තට පනින්න යන්න එපා.

    බොට්ටුවක් ගිලෙද්දි ඉන්න මියො එකෙ වතුර නැති පැත්තට දුවනවා , නමුත් උන්වත් ටික වෙලාවකින් ගිලෙනවා.

    තමුන් හරියි කියලා තමන්ගෙ හිත කියන දෙ කරන්න.....

    ReplyDelete
  6. මැම්බරේ, මගේ කමෙන්ට් එකේ 'රනා' කිව්වා හරි කියලා හැදෙන්න ඕනේ.. බුදු රනෝ සමාවෙයන්...

    ReplyDelete
  7. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි!
    මේ ගැන තවත් හිතන්න ඕනෙ. මගේ තීරණය ඉක්මනින්ම කියන්නම්!

    ReplyDelete