Friday 19 February 2010

පුද්ගලිකයි....!

මතකද මගේ පුද්ගලික කාරණයකදී ඔබලා මට උදව් කළා.
ඒ වෙලාවේදී කවුරුත් කීවේ සීයට ඕනෙ කුදයක් ගහගන්න කියල කෙල්ලව ගෙදර ගෙනෙන්න කියලනෙ. මමත් හිතා ගත්තේ ඒක තමා හොඳ කියල. ඒත් වැඩේ සිද්දවෙන්නේ වෙන පැත්තකට.
 මේකනෙ වුණේ. මම යාළුවෙලා ඉන්නේ අපේ නෑයෙක් එක්ක. එයාට අපේම තවත් නෑයෙක්ගෙන් බොහොම කරදර වුණා. අපේ සීයා කෙනෙක් මගේ ඉටුදෙවියෝ වගේ ඇවිත්ලා එයාම බේර ගත්ත. පස්සෙ සීයා එයාට අයිතිවාසිකම් කියන්න පටන් ගත්තා. ඒත් එයා සීයට කැමති නෑ කියල හිතුව නිසා මම තීරණය කළා එයාව කසාද බැඳල ගෙදර ගේනවා කියල කවුරු විරුද්ධ වුණත්. මමත් ඉතින් මගේ අනිත් වැඩ ඔක්කොම දෙවෙනි තැනට තියල මේ මගුලට ලේස්ති වුණා.
අනේ අන්තිමට බලනකොට මේ ගෑනිත් කැමති සීයටමනෙ. කළගුණ සලකන එක අපේ වැදගත් සිරිතක්ලු. ඒ නිසා සීය කියන දේකට කැමති වෙන එක එයාගේ යුතුකමලු. මමත් ඥාතිද්‍රෝහියෙක් නොවී සීයට උදව් කරන එකලු කරන්න ඕනෙ. ඒ මදිවට දැන් මගේ වැරදි ගමකට. රස්සාවක් නැතිලු. දේශපාලනය කරන උන් විස්වාස නැතිලු. මම එයාටත් වංචා කළාලු.
අනේ ඉතින් මටත් මොකෝ. ඔයා සීයත් එක්ක ඕනෙ කුදයක් ගහ ගන්න. ඇත්තනෙ! කළගුණ සැලකීම උතුම් මිනිස් ගුණාංගයක්නේ. අනික අපේ ජාතියත් කළගුණ සලකපු හැටි මතකනෙ; ඉතිහාසගත වෙන්න.

7 comments:

  1. මචං අයියෙ.... මනමෙ නෙද උනෙ...හැමතැනම එහෙම තමයි අයියෙ. ගැහැනු තෙරුම්ගන්න අමාරුයි. එකට චපල කම කියන්න බැහැ. එකිට උබලග ඉන්න ඔනා නැත්නම් බොරුවට වැටෙන්න තැවෙන්න යන්න එපා. හැබැයි උබ ඉස්සරහාට යන්න ඔනා. හදවතෙ අවංක කමක් තිබුනොත් උබට ලොකු දෙයක් හම්බවෙයි. හැබැයි නොතිබුනොත් අන්තමට උබට ඉතුරුවනදෙත් නැතුව යයි...

    ReplyDelete
  2. mama nam kiyanne kellata mole thiyenawa, monawa unath thamanta udaw karapu manussayane, oya aadarei kiyakiya gas wate awwidata kriyawen mea dakwa pennala naa ne.
    anik eka oya eyata aththatama aadare naa, wena gedaraka ekkenek ekka ottuwak allalai eyage aadare illane kiyala kellata danaganna labila thiyenawa. anik eka oyage aluth yaluwo set eka, unta mea kella thiya kisima kellek kamathi weida? dan dakka neda kellath naa yaluwoth naa ...... LOL

    ReplyDelete
  3. උඹනම් හොඳ දේශපාලනේ කරන්නම තමයි මැට්ටා

    ReplyDelete
  4. මම මේ post 1 බලල මේ හුට්ටප්පරය මොකක්ද කියල බලන්න පරන පෝස්ට් නුත් බැලුව.මාරම කේස් එකක් නොව වෙලා තියෙන්නෙ.උම්බෙ (යාලුකමට ආමන්ත්‍රනය) හිත හය්යනෙ ඔයමගුල ඇතෑරල දාපන්.....
    පූරුවෙ පිනකට බේරුනේ.හදිස්සියෙ බැන්දයින් පස්සෙ සීයට හිතගියානම් එහෙම මාර case 1ක් වෙනවනෙ.අනික උම්බට නිනව්වක් නැ වගේ love ද? crush ද? තියෙන්නෙ කියල.ඕක crush 1ක් නම් සති දෙකයි ගානක් නැතුවයයි.
    පොඩ්ඩක් test කරල බලන්න.
    අලුත් යුගයේ මැම්බර් තුමා.....(මාර අදහසක්)

    ReplyDelete
  5. බේරිච්ච එකනම් හොදා තමා. මම දන්න තරමින් ලේඤාති විවාහය එතරම් සුදුසු නෑ :D

    ReplyDelete
  6. මෙම්බර්තුමෝ,
    මටනම් හිතෙන්නේ අද රටේ වෙන්නෙයි ඔබතුමාට වෙන්නෙයි එකම දේ! නැද්ද හා? පරිස්සමෙන් අවුන් සාන් සුකී වෙයි ඔබතුමත් දන්නෙම නැතුව.

    ReplyDelete