Thursday 1 October 2009

පිස්සු බැල්ලියෝ..!

ගාල්ල නගරයේදී ඊයේ (30) උදේ පිස්සු බල්ලෙකු විසින් සපාකනු ලැබූ 14 දෙනෙකුට කරාපිටිය රෝහලේ දී එන්නත් ලබා දී ඇති බව අද පුවත් පතක වාර්තා කර තිබුණි. පිස්සු බල්ලන් පිළිබඳවත්, ගාල්ල ප්‍රදේශය පිළිබඳවත්, පිස්සු බැල්ලියන් පිළිබඳවත් නිතර කතා කරනා කාලයකි මේ.

එක් අයෙකුට විදිනු ලබන එක් එන්නතක් සඳහා රුපියල් 30,000ක් පමණ වියදම් වන බව පැවසූ පිස්සු බැල්ලියක් තමන් බැල්ලියන්ට වඳ සැත්කම නොමිලේ සිදු කරන බවත්, ඒ සඳහා වසරකට සායන තුනක් පමණ පවත්වන බවත්, ඒ එක් සායනයක දී සැත්කම් 10ක් වත් සිදු කරන බවත් පවසා තිබුණා.

ඉංග්‍රීසි අධිරාජ්‍ය කාලයේ ගෙන ආ අඥා පනතක් වන ජලභීතිකා රෝග පාලන අඥා පනතට අනුව පිස්සු බල්ලෙකු පිළිබඳව පොලීසියට දැන්වූ විට පොලිස් නිලධාරියා එම බල්ලාව විනාශ කිරීමට කටයුතු නොකල හොත් ඔහුව රුපියල් 100 ක දඩයකට යටත් කළ හැකි වෙනවා. 1948ට පෙර ගෙන ආ මෙම නීතිය අදටත් නොවෙනස්ව පවතිනවා.

පිස්සු බලු විෂබීජය ශරීර ගත වුවහොත් මරණයට මෙහා වෙනත් තෝරා ගැනීමක් නොමැති මිනිසුන්ගේ හිමිකම් හෙවත් මානව හිමිකම් අභිබවමින් බලුහිමිකම්  මතු වූයේ රට බල්ලාට ගොස් තිබූ යුගයක වුවත් බැල්ලී රට ගිය පසුද බල්ලෝ මැරීම තහනම් කිරීම සඳහා ජගත් සෞඛ්‍ය සංවිධානය පවා ගෙදර සිට පාලනය කළ හැකි (බැල්)ලියක් ඉදිරිපත් වූයේ තණකොල කන ඡන්දදායිකයින් ටිකත් ඉවර කර දැමීමේ අරමුණින් විය නොහැක්කේ, පිස්සු බල්ලා උන්ව පමණක් නොව කිසිම සමාවක් නොමැතිව අපවද සපා කන බව ඇයත් හොඳින් දන්නා නිසාය.

පිස්සු බල්ලන් ගැන මේ ලිපිය ලීවේ, ජලභීතිකා පාලන ආඥාපනත හා සුනඛයින් ලියාපදිංචි කිරීමේ අඥාපනත ඇතුලු බලු පනත් කිහිපයක බලය පළාත් පාලන ආයතන වෙත පැවරී ඇති බැවින් මේ ටික ලීවා මිස, කරදියේ මාළු වළඳමින් මිරිදියේ මාළු හිමිකම් ගැන දේශනා කළා සේ ගෝ ඝාතනයට බලපත්‍ර දෙමින් බලු ඝාතනය තහනම් කළේ ඇයිදැයි ප්‍රශ්ණ කිරීමට මෙය නොලීවේ, ගෙයි ගින්දර පිටට නොදිය යුතු නිසා හෙවත් මේ තීරණ දෙකම ගැන සාමූහික වග කීමෙන් මාද බැඳී සිටිනා බැවිනි.


6 comments:

  1. මම කාලෙකට කලින් දැක්ක බල්ලො මරණ එකෙන් බල්ලො කොන්ට්‍රෝල් කරන්න බැහැ කියල. (මට තේරෙන්නේ නෑ ඇයි ඒ කියලා)
    ඉතින් දැන් මුකුත් කෙරෙන්නෙ නැද්ද මේකට ?
    ඉස්සර නම් බලු වෑන් එක හරි එනව.

    ReplyDelete
  2. //"එක් එන්නතක් සඳහා රුපියල් 30,000ක් පමණ වියදම් වන බව පැවසූ පිස්සු බැල්ලියක් තමන් බැල්ලියන්ට වඳ සැත්කම නොමිලේ සිදු කරන බවත්"//

    මොකක් ??? පිස්සු බැල්ලියෝ එහෙමත් කියනවද. එතකොට වඳ සැත්කම බැල්ලියොම කරගන්නවා වගේ.

    ReplyDelete
  3. @ Anonymous

    "එතකොට වඳ සැත්කම බැල්ලියොම කරගන්නවා වගේ"

    ඒකත් හරියට අර තමන්ටම වෙඩි තියා ගන්න එක වගේ සිම්පල් ප්ලෑන් එකක්නෙ

    ReplyDelete
  4. ජහමනයා3 October 2009 at 15:11

    මන්ත්‍රී තුමෝ මේ වැරැද්ද දැංවත් හදන්නේ නැද්ද. ඔබතුමා ලියන කොට වෙච්ච පොඩි වැරැද්දෙන් විකාර අදහසක් මතුවෙන්නේ.
    ඕං බලන්න දේසපාලකයන්ට තමගෙ වැරදිවත් හදාගන්න උවමනාවක් නැති හැටි. ඉතිං රටේ වැරදි ගැන කුමන කතා ද ?

    ReplyDelete
  5. @ ජහමනයා

    මන්ත්‍රීතුමා ඔය පොඩි මඩක් ගහල තියෙන්නෙ ගාල්ලෙ අපේක්ෂිකාවකට

    ReplyDelete
  6. ගරු මන්ත්‍රිතුමා
    ශ්‍රි ලංකා පළාත් පාලන සංසදයේ ජාතික සම්බන්ධීකරණ කාර්යාලය අමතන්න පුඵවන්ද
    දුරකථන අංකය 011 2581971

    ජාතික සම්බන්ධීකාරක

    ReplyDelete