Thursday 5 November 2009

රාජ්‍ය සේවකයින් සියළු දෙනාට විදේශ සංචාර

මහජන නියෝජිතයෙකු වීමේ හේතුවෙන් ජීවිතයේ ප්‍රථම වතාවට විදේශයකට යාමට හැකිවුණා. ඇත්තටම යන්න අවස්ථාව ලැබුණ වෙලාවේදීනම් ඒතරම් වැඩක් ඇති දෙයක් ලෙස හිතුනේ නෑ. නිකම් සීනි බෝල වැඩක් කියල හිතුවේ. ඒත් සංචාරයේ ටික දුරක් යද්දී තමා තේරුනේ මොන තරම් වැදගත් දෙයක්ද කියල.

ගෝලීයකරණය වෙලා ගෝලීය කරණය වෙලා කියල කෑ ගැහුවට අනෙක් රටවල සිදුවන දේවලින් කොච්චර අඩුවෙන්ද අපට දැනගන්න ලැබෙන්නේ. විශේෂයෙන් පාලකයින්, මහජන නියෝජිතයින් හා රාජ්‍ය සේවකයින්ට අනෙක් රටවල සිදුවන දේ ගැන අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි.

9 comments:

  1. මැම්බර් උන්නැහැ කොයි රටටද ගියේ
    රට ගිහින් එනකොට ජනතාවට මොනවද අරන් ආවෙ?

    ReplyDelete
  2. අනේ මෝඩ මකරෝ මේ පින්බතාලා අපෙන් මොනවද එහාට අරන් ගියේ කියල අහපං.

    ReplyDelete
  3. ඔව් ඔව්.. ‍හොදා.. එයාලා එහෙම ගිහිං ඉගන ගෙන කොරලා ෂොපින් කරලා එනකම් අපිට පුළුවන් බදු ගෙව ගෙව ඉන්න.. බොහොම හොද අදහස!

    ReplyDelete
  4. Member mahaththayo,
    Obathumama dannawa athine oya sanchaara yanne mahajana mudalin kiyala. E nisa karana deyak ratata barak nowenna karanna. Karana wiyadamata wada wedi yamak aran enna. Anika oya pitarata thiyena hema ilauwama lankaawata ottu ne kiyana ekath mathaka thiyaganna.
    Beri wela hari awe London paththe nam msg ekak ewanna... hambuwela kata karanna aasai.

    ReplyDelete
  5. "විශේෂයෙන් පාලකයින්, මහජන නියෝජිතයින් හා රාජ්‍ය සේවකයින්ට අනෙක් රටවල සිදුවන දේ ගැන අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි."


    මෙච්චර කල් ඔහොම බුරුතු පිටින් රට ගෙහුං මොනවද අරගෙන ආපු දේවල්? මොනවද ඒ පාලකයන් අතින් ඒවා ආදර්ශයට අරගෙන රටට කෙරුනේ? මට පේනනේ වෙනත් හැම මහජන නියෝජිතයෙක්ම වගේ මෙතුමාත් හිතනව විදේශ සංචාර තමන්ගෙ මැම්බර් කමේ අයිතිවාසිකමක් කියල.

    ReplyDelete
  6. හු.. කා.. :-|

    ReplyDelete
  7. @Chanaka Aruna Munasinghe
    අපි ගියේ කොරියාවට. ගෙනාව ඔක්කොම ජනතාවට තමා. සංවර්ධනය කියන්නේ මොකක්ද කියන ගැටළුව මට කාලයක් තිස්සේ තිබුණා. ඒකට යම් අර්ථයක් දෙන්න තරම් දැනුමක් මේ ගමනෙන් ලබා ගත්තා. පුළුවන් තරම් මා නියෝජනය කරන ජනතාවට ඒ අවස්ථාව ලබා දීම තමා බලාපොරොත්තුව. මට මේ ලැබිල තියෙන අවස්ථාව හොඳටම ඇති ජනතාවට සේවයක් කරන්න. ඒ දේ මම ජනතාවට දෙනවා.

    @Anonymous
    ඒ රටෙන් නොමිලේ ලැබුණු සංචාරයක් නිසා ඔබ කියන දේ හරි. අපි එහෙදි කෑවේ පිංබත් තමා. හැබෑ ඔබෙන් මොනවත් එහෙට අරගෙන ගියේ නෑ. ඒ වුණත් අපේ අත්දැකීම් හා දැනුම ඒ රටේ නියෝජකයින් ඉදිරියේ තබන්න සිද්ද වුනා. ඔවුන් ඒවායින් මොනවා හෝ ලබා ගන්න ඇති.

    @malee_msg
    ඇත්ත. සමහරු ෂොපින් කළා. මමත් ගැජමැටික්ස් කිහිපයක් හා ටොපි චොකලට් ගත්තා; ඔක්කොම බෙදල ඉවරයි. බෑග් එකේ ගහපු ටැග් එකක් විතරයි මට සිහිවටනයක් ලෙසවත් ඉතිරි වුනේ. ඒ ගැන මම හරිම සතුටින්. මම ඔබලාට ණය නෑ. ඔබලාගේ බදු මුදල් සතයක්වත් මට මේ ගමනට ලැබුනේ නෑ. අපට ආරධනා කළ කොරියානු ආයතනයෙන් සියළුම වියදම් දැරුවා. වියදමට දුන් මුදල්වලින් තමා ඔය ටික ගත්තෙත්. (බදු මුදල් ගැන මගේ අදහස වෙනම සටහනක කියන්නම්. එතෙක්, ඔබ බදු මුදල් ගෙවන්නට සූදානම් නැත්නම් ඒ බව අදාල බදු එකතු කරන්නන් වෙත දන්වා යවන්න. අකමැත්තෙන් බදු ගෙවන්න එපා.)

    @mandaya
    ඇත්ත; මහජන මුදලින් කරන සංචාර තමා වැඩියම තියෙන්නේ. ඔබතුමාගේ යෝජනාවට මම එකඟයි. මම හිතනවා (අපේ රටේ මුදල් නොවුනත්) ඒ කරපු වියදමට සරිලන දෙයක් මේ ලබපු දැනුමෙන් රටට කරන්න පුළුවන් කියල. මම එසේ කරන බවට පොරොන්දු වෙන්නේ මම ඔබේ නියෝජිතයා නිසා. අනිත් කාරනය; ‘පිටරටවල ඉලව්‘! ඇත්ත කිසිම රටක ‘ඉලව්වක්‘ අපිට ඕනෙ නෑ. අපිට තියෙන ‘ඉලව්‘ ටික තමා රටට ලොකුම හෙනේ වෙලා තියෙන්නේ. ඉතුරු වෙලා තියෙන ‘ඉලව්‘ ටිකත් රටෙන් ගියොත් රටට ලොකු සෙතක්. මේ ප්‍රතිචාරවල හැටියට ආයෙත් පිටරටකට යන්න මට අයිතියක් නෑ වගේ. ඒනිසා ලන්ඩන්වලදි මුනගැහෙන්න වෙන එකක් නෑ. ඔබතුමා ලංකාවට ආව වෙලාවක mail එකක් එවන්න. අපි මුනගැහෙමු.

    @ඉන්දරේ
    මැම්බර් කමට අයිතිවාසිකම් නෑ ඉන්දරේ. තියෙන්නේ යුතුකම් විතරයි. ඇත්ත, බුරුතු පිටින් රට රටවල් ගානේ යන ‘පාලකයින්‘ හිතාන ඉන්නේ තමන්ට අයිතිවාසිකම් තමා තියෙන්නේ කියල. යුතුකම් අමතක කරන නියෝජිතයින්ව ගෙදර නවත්තන යුතුකම තියෙන්නේ ඔබතුමාල අතේ. ඒ යුතුකම පැහැර අරින්න එපා, පිංසිද්ද වෙයි.

    @ Anonymous‘හු‘ඟක් ‘කා‘රණා (මේ අකුරු දෙකෙන්) කියල තියෙනවා. ස්තුතියි!

    ReplyDelete
  8. ආණ්ඩු පක්ෂයේ අය රොත්ත පිටින් ගිය එක සාධාරණද කියන්නකො අනික ඔය ගිහිල්ල ඉගෙන ගත්ත එක දෙයක්වත් තාම වැඩක් වෙලා නෑනෙ. හැමදාම සංවර්ධනය කියන්නෙ මොකක්ද කියල හොය හොය ඉදපල්ලා එතකොට සංවර්ධනය වෙයි. මෙහෙම කාලකණ්නි අපේ මිනිස්සු පත් කරනවනෙ

    ReplyDelete
  9. ලාබෙට නවාතැන් පහසුකම් හොයාගන්න http://travelserf.com/ මේ වෙබ් අඩවියට පිවිසිලා බලන්න. අවුරුදු නිවාඩුවට විදේශ ගත වෙන්න සූදානම් වෙන අයටත් ලාබදායී විදියට සුපිරි හෝටල් ගැන දැනගන්න මේ වෙබ් අඩවිය ගොඩක් ප්‍රෙයා්ජනවත් වෙයි.

    http://travelserf.com/

    ReplyDelete