Saturday 7 November 2009

ඔබේ ප්‍රතිබිම්බය පාර්ලිමේන්තුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීලා, පළාත් සභා මන්ත්‍රීලා හා පළාත් පාලන ආයතන සභිකයෝ යනු රටේ වැසියන්ගේ නියෝජිතයෝය. (ජනාධිපති යනු නියෝජතයෙකු නොව, අපව පාලන කිරීම සඳහා අප විසින් තෝරා ගන්නා අයෙකි.) ජනාධිපති හැර මෙම සියළුම නියෝජිතයින්ගෙන් පොදුවේ පිළිබිඹු වන්නේ ඔවුන් නියෝජනය කරනා කණ්ඩායමේ පොදු ලක්ෂණයි. සමාජය හැසිරෙන්නේ කෙසේද, පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ එසේය.  පළාතේ හැසිරෙන්නේ කෙසේද, පළාත් සභාවේ හැසිරෙන්නේ එසේය. ගමේ හැසිරෙන්නේ කෙසේද, ප්‍රාදේශීය සභාවේ හැසිරෙන්නේ එසේය. ඔබගේ නියෝජිතයා මහජන මුදල් කාබාසිනියා කරයි නම්, ඔබත් එසේ කරන්නෙකු විය යුතුය. නො එසේනම් ඔබ ඔහුට ඔබගේ මනාපය නොදෙනු ඇත. ඔබගේ නියෝජිතයා මැරකම් කරයි නම්, ඔබත් එසේ කරන්නෙකු විය යුතුය. නො එසේනම් ඔබ ඔහුට ඔබගේ මනාපය නොදෙනු ඇත. ඔබගේ නියෝජිතයා දූෂණ කරයි නම්, ඔබත් එසේ කරන්නෙකු විය යුතුය. නො එසේනම් ඔබ ඔහුට ඔබගේ මනාපය නොදෙනු ඇත. ඔබගේ නියෝජිතයා හොරකම් කරයි නම්, ඔබත් එසේ කරන්නෙකු විය යුතුය. නො එසේනම් ඔබ ඔහුට ඔබගේ මනාපය නොදෙනු ඇත. ඔබගේ නියෝජිතයා රට විනාශ කරයි නම්, ඔබත් එසේ කරන්නෙකු විය යුතුය. නො එසේනම් ඔබ ඔහුට ඔබගේ මනාපය නොදෙනු ඇත.
මෙම තත්වයේ වෙනසක් ඔබ බලාපොරොත්තු වන්නේ නම්, පළමුව ඔබ වෙනස් වෙන්න. ඉන් පසුව ඔබව නියෝජනය කිරීමට සුදුසුම පුද්ගලයාට ඔබේ මනාපය දෙන්න.  එවිට ඔබට මෙසේ නොසිතෙනු ඇත.

7 comments:

  1. අනේ අම්මපා උඹේ නම දන්නව නං ඔය වගේ කැ* කතා කියන්න මැම්බරයෙක් වෙන්න දෙන්නෑ දෙන්නෑමයි.

    ReplyDelete
  2. ජන්දේ ඉල්ලන බොහොම දෙනා, බලයට තියෙන ආසාවට ඕනෙම දෙයක් කරන උදවිය නොවැ..ඔබතුමාත් එහෙම වෙන්ටැ.... හික් හික්.
    මට නම් හිතෙන්නේ, ජන්ද දායකයෝ ඔක්කොම එකතු වෙලා, මේ ජන්දේ ඉල්ලන කිසිම කෙනෙකුට ජන්දේ නැතුව, ජන්ද පත්‍රිකාව හතරට පහට ඉරලා, පෙට්ටියට දාලා එන්න ඕනේ...
    එතකොටවත් අපේ අගේ තේරෙයි නොවැ...

    ReplyDelete
  3. කොහොමද අපි කොළු කාරයෙකුට දුන්නොත් උබ කියයි අපිත් කොළු ‍කාරයො කියලා..අනේ මේ ඔන්න ඔවට නම් එන්න එපා හොදද..???

    ReplyDelete
  4. ඡන්දදාස8 November 2009 at 08:22

    ඔබතුමාගෙ කතාව නං ඇත්ත. ෂෙඃ අම්මපා මේවා ඡන්දෙ කාලෙ අපිට ඇහෙන්නෙ නැති හැටි !

    ReplyDelete
  5. උඹ නම් යවන්න තිෙයන්ෙන් පාර්ලිෙම්න්තුවටම තමයි. උඹ වාෙගම මී හරක් රැලක් තමයි ඒතනත් ඉන්ෙන්. අෙන් අම්මපා උඹලට චන්ෙද දුන්නු ෙම් අත කපල දාන්න අැත්නම්...

    ReplyDelete
  6. Puduma wenna deyakuth ne ithin me kiyanne kauru hari minissu tikakgen chande aran giyapu ekekne.

    Matath prashnayyak thiyenawa...hithamuko obathuwa harima hoda bo pelayak wage dial ekak kiyala. Pakshen awoth hithata ekagawa janayata kelawena yojanaawak oba thumaaata puluwanda anith memberla okkoma ekaata kemathi wenakota ekata wirudda wenna? Just because of the your people.
    Ethakota pakshaye saamuhika wagakeemata moko wenne?

    ReplyDelete
  7. පාර්ලිමේන්තුවට යවන අය හරියට හොයා ගන්න බෑ මේ මාධ්‍ය හැසිරෙන විදියට ඒකට විසදුමක් නැද්ද ?

    ReplyDelete