Saturday 14 November 2009

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි!

අද රටේ දේශපාලනයේ කතා වෙන ප්‍රධාන මාතෘකා දෙකකි.
  1. සරත් ෆොන්සේකා පොදු ජනාධිපති අපේක්‍ෂකයා වීම
  2. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම
මේ සංවාද දෙකේම අරමුණ ජනාධිපති මහින්ද රාජපක්‍ෂට පහර දීමයි.
සරත් ෆොන්සේකාට මහින්දව පරාජය කිරීමට හැකිද නොහැකිද යන්න වෙනම කාරණයකි. එහෙත් ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයද නැද්ද යන්න විශේෂයෙන් සාකච්ඡා කළ යුතු කරුණකි.

රටක යහපාලනය සඳහා එකිනෙකෙන් ස්වායත්ත ආයතන තුනක් අවශ්‍ය වේ. ඒවානම්
  1. විධායකය
  2. ව්‍යවස්ථාදායකය
  3. අධිකරණය
ලංකාවේ මෙම ආයතන තුන ස්වායත්ත බව බැලූ බැල්මට පෙනුනද, සංකල්පනාත්මකව පෙනුනද සැබැවින්ම ස්වායත්ත ආයතන නොවේ. බොහෝ අවස්ථාවලදී විධායකය විසින් අධිකරණය පාලනය කොට තිබේ. විධායකයේ වැදගත් කොටසක් නියෝජනය කරනා කැබිනට් මණ්ඩලය තෝරා ගන්නේ ව්‍යවස්ථාදායකයෙනි. මේ ලෙස බැලූ විට ලංකාවේ මෙම ආයතන තුන එකිනෙක මත රඳා පවතින තත්වයක් පෙන්නුම් කරයි. මෙම තත්වය සුභදායක නොවේ.

ඒ නිසා කළ යුත්තේ විධායකය හෝ එහි කොටසක් තෝරා ගැනීම ව්‍යවස්ථාදායකයෙන් නොකිරීමයි. මහජන ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිට අවශ්‍ය කැබිනට් මණ්ඩලය ඔහු කැමති කෙනෙකුගෙන් තෝරා ගැනීමට ඉඩ තිබිය යුතුය. එහෙත් එයට පාර්ලිමේන්තු හෝ පළාත් සභා නියෝජිතයින් ඇතුලත් නොවිය යුතුය. ඒසේම විධායකය ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව නීති පැනවීම ව්‍යවස්ථාදායකය මගින් කළ යුතුය. සියළුම කාර්යයන් සඳහා මුදල් අනුමත කිරීම ව්‍යවස්ථාදායකය කළ යුතුය.

5 comments:

  1. විධායකය අධිකරණය පාලනය කරනවන් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරනවනම් ඒත් හොදයි නේද විධායක ජනාධිපති කම

    දැන් තියන විදියට නම් පාර්ලිමේන්තුවක් ඕනෙ නෑ හැම දෙයක්ම ජනාධිපති කරන හින්ද ඒකත් හොදයිනෙ කරන්න

    ReplyDelete
  2. විධායක ජනාධිපති ධූරය අහෝසි නොකල යුතතුයි නමුත් එහි මුක්තිය වැනි යම් යම් බලතල වල වෙනස්කම් සිදුවිය යුතුයි

    ReplyDelete
  3. මේ තියෙන්නෙ ඩිව් ගුණසේකර ඇමතිතුමා (ආණ්ඩුකම ව්‍යවස්ථා හා
    ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා)විධායක ජනාධිපති කමය අහෝසි කිරීම ගැන පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ කරපු කතාවකින් කොටසක් සම්පූර්ණ කතාවම බලා ගන්න 2009 ඔක්තෝබර් 22 හැන්සාඩ් එක බලන්න(http://www.parliament.lk/)

    "අපි 1978 අෙගෝස්තු මාසෙය් ආණ්ඩුකම
    ව්‍යවස්ථාවට මේ පනත ඉදිරිපත් කළ වෙලාවේ මේ
    පාර්ලි‍මේන්තුවේ ව‍මෙන් කවුරුවත් සිටියේ නැහැ. මා හිතන්ෙන්
    මන්තීවරුන් අට දෙනායි -සුළු පිරිසයි- විරුද්ධ පක්ෂෙය් හිටියෙ.
    නමුත් අපට කළ හැකි දේ කළා. එදා හෙයන් පහක බලයක් ලබා
    ගෙන ජන මතය යටපත් කරමින් පෙළපාළියක් තියා රැස්වීමක්වත්
    තියන්න ඉඩක් දුන්ෙන් නැති වුණත් -මෙතැන විවාදය යන විට-
    හයිඩ්පාක් එකේ බලහත්කාරෙයන් රැස්වීමක් පැවැත්වූවා. ඒක
    තමයි අවසාන රැස්වීම. වමේ ව්‍යපාරෙ‍යේ ආරම්භක පුරෝගාමී
    නායකෙයෝ එකට රැස් වෙලා එක් කියාවක යෙදුණු අවසාන දිනය.
    ඒ 1978 අෙගෝස්තු මාසෙය්. ඒකට ආචාර්ය එන්.එම්. පෙර්රා,
    ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, දොස්තර
    වික්‍රමසිංහ, පීටර් කේනමන්, ටී.බී. සුබසිංහ, සරත්
    මුත්තෙට්ටුවේගම, හෙක්ටර් අබේවර්ධන, බර්නාඩ් සොයිසා වාගේ
    එදා ජීවත්ව සිටි සියලුම නායකෙයෝ සහභාගිව සිටියා. අපි එතැන
    සත්‍යග්‍රහයක් කළා. අපි පාර block කරලා පාර මැද රැස්වීමක්
    පැවැත්වූවා. එදා අපි ගුටි කෑවා. මමත් සරත් මුත්ෙතට්ටුෙව්ගම
    මැතිතුමාත් දෙදෙනාම පොලීසියෙන් ගුටි කෑවා. අපි ඒ විධියට
    සංකේතාත්මක විරෝධයක් පෑවා."

    "මම එතැනට එනවා. ඒ කාරණාවේදී අපි මේ අත් දැකීම්
    නැතිවයි,- [බාධා කිරීමක්] ආචාර්ය ඇන්.ඇම්. පෙර්රා මැතිතුමා
    මේ සම්බන්ධෙයන් ලියූ ලිපියක් මා ළඟ ති‍බෙනවා. පනත
    ගෙනාවට පසුව ඔහු ජීවත් වුනේ මාස ගණනයි. ලෙඩ ඇඳේ ඉඳ
    ගෙනයි මේක ලියුවෙ. මම හිතන්ෙන් අදටත් විශ්වවිද්‍යාලෙ
    පද්ධතියේ ‍හෝ නීතිඥ වෘත්තියේ හෝ කවුරුවත් මේ තරම් හොඳ
    විවේචනාත්මක විශේලේෂණයක් කරලා නැහැ. මේක කොයි
    ආකාරයකට ක්‍රියාත්මක වෙයිද කියන එක පිළිබඳව සමාජ
    විද්‍යාඥයකු විධියට, දේශපාලන විද්‍යාඥයකු විධියට කරුණු
    බලලා එතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. මේකෙ තිබෙන දෙවල්
    සියල්ලම සියයට 100ක්ම අද සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා
    ඔබතුමන්ලා ඔය පැත්ෙතන් ඉදිරිපත් කළ කාරණාවලට
    සංකල්පමය වශෙයන්, ප්‍රතිපත්තිමය වශෙයන්, න්‍යායයික
    වශෙයන් සියයට 100ක් මාත් එකඟ වනවා. ඒවා අදටත් වලංගුයි.
    ඒ අනුව මේක "අහෝසි කිරීමේ ප්‍රතිපත්තියේ" තමයි මම ඉන්නේ.
    දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාත් ඉන්නෙත් ඒ ප්‍රතිපත්තියේ."

    ReplyDelete
  4. I also don't think that executive presidency should be cancelled and should have a parliment which is in control.
    Simple fact would be, in such scenario major political parties will wipe the asses of small parties like TNA to get few more votes to them.

    ReplyDelete
  5. මම කියන්නේ වෙන දෙයක්. ආයෙත් බලන්න.

    ReplyDelete